අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සන් ග්‍රෑම් 100
- පොඩියට කපාගත් බීට්රූට් ග්‍රෑම් 200
- නැවුම් කිරි මිලිලීටර් 500
- බටර් මේස හැඳි 2
- වතුර මිලිලීටර් 200
- සුදු ලූනු බික් 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
ඉස්සන් සම්පූර්ණයෙන්ම සුද්ද කරගන්න. භාජනයකට බටර් එකතුකර බීට්රූට් හා සුදු ලූනු දමා තෙම්පරාදු කරගෙන මද වේලාවකට පසු වතුර එකතුකර තම්බාගන්න.
මිශ්‍රණය නිවුනු පසු බ්ලෙන්ඩරයකට දමා කිරිද එකතුකර බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය ළිප තබා එයට ඉස්සන් එකතුකර හැඳිගාමින් පිසගන්න.