සෑම අලුත් දවසකදීම අප මූලික වශයෙන් අපේක්ෂා කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගෙනයෑමයි. සෞඛ්‍ය පර්යේෂණ මඟින් 2025 දී ඒ සඳහා අංශ පහක පියවර අනුගමනය කළ යුතු බවට අවධාරණය කරයි. මේ මුදුන්පමුණුවා ගැනීම සඳහා ඔබ විසින් ඔබට ගැළපෙන පරිදි වාතාවරණය සකසා ගත යුතුය.
කුළුණු තුනක්
මෑත කාලීන අධ්‍යයන මගින් සෞඛ්‍යයේ දියුණුව කුළුණු පහක් මත රඳා පවතී. නින්ද, ව්‍යායාම සහ ආහාර යනු ඒවායි. මේවා කෙරෙහි අවධාරණය කිරීමේදී අඛණ්ඩ ප්රයත්නයක් සඳහා ඉවසීම ඉතා වැදගත්ය. එමගින් එම ක්‍රියාපටිපාටිය ජීවන රටාවේ කොටසක් බවට පත්වේ.
නින්ද
අවුරුදු 30-40 අතර වැඩිහිටියන්ගේ දුර්වල නිදි රටාව පසුකාලීන සංජානන ගැටලුවලට හේතුවන බව පර්යේෂණ පෙන්වා දෙයි. විවේකයේ මද බව මොළය වියපත්වීමට සහ වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මං සලසයි.
නින්දට ප්‍රමුඛත්වය දෙන්නේ කෙසේද?
රාත්‍රී නින්ද පැය 7-9 අතර කාලයකට ඉලක්ක කරගන්න. නින්දට පෙර පොතක් කියවීම හෝ භාවනාවේ යෙදීම සන්සුන් හා දිගු නින්දකට උපකාරී වේ. රාත්‍රී කාලයේදී නිල් ආලෝකය විහිදුවන ඉලෙක්ට්‍රොනික් තිර මත වැඩයෙන් කල්ගත කිරීම ස්වාභාවික නිදි චක්‍රය කඩාකප්පල් කරයි.
ව්‍යායාම
පර්යේෂණ අවධාරණය කරන්නේ නිතිපතා ව්‍යායාමය මොළයේ ක්‍රියාකාරීත්වය හා මනෝභාවය වැඩි දියුණු කිරීමට සහ ආයුකාලය දිගු කිරීමට හේතුවෙන බවයි. එසේම උදාසීන ජීවන රටාවක් හෘද රෝග සහ අකල් මරණ අවදානම ඇතිකරයි. ව්‍යායාම දෛනික ජීවිතයට ඇතුල් කරන්න ඇවිදීම, නර්තනය, යෝග අභ්‍යාස වැනි කුමන හෝ ක්‍රියාකාරකමක් තෝරාගන්න. සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක කාලයක් ඉලක්ක කර ආරම්භ කරන්න. පුරුද්දක් ඇතිකර ගන්න.
ආහාර
ව්‍යායාමය අඛණ්ඩව පවත්වාගැනීමේ පුරුද්ද සඳහා සමබල ආහාර වේලක් අවශ්‍යයි. 2024 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහි වැදගත්කම පෙන්වා දී ඇත.ආහාරය කෙසේ විය යුතුද කාලය මදි වී අහිතකර සැකසූ ආහාර කරා යෑම වළක්වා ගැනීම සඳහා කල් ඇතිව ආහාර සූදානම් කරගන්න. එළවළු, පළතුරු, සැහැල්ලු ප්‍රෝටීන, ධාන්‍ය වැනි සෞඛ්‍ය පෝෂඛ ආහාර ලබාගන්න. සිහිකල්පනාවෙන් යුතුව ආහාර ගන්න ව්‍යාජ කුසගින්න නොව සැබෑ කුසගින්න තෘප්ත කරන්න.
කුළුණු තුන මත සාර්ථක වීමට අනුගමනය කළ යුතු කරුණු 05
1. නින්දට පෙර උණුසුම්
ස්නානය, සැහැල්ලු කියවීමක, මනස එක් තැන් කරන උත්සාහයක නිරත වෙන්න.
2. සෑම දිනෙකම ශාරීරික ක්‍රියාකාරකමක යෙදෙන්න. අඩුම තරමින් විනාඩි 10 ක කඩිසර ඇවිදීමක යෙදන්න.
3. කළින් පිසූ ආහාරවලින් තොරව ඔබම ආහාර සකසා ගැනීමට කාලය යොදවන්න
4. රාත්‍රි කාලය තුළ ඩිජිටල් තිර මතින් දුරස් වෙන්න
5. දවස පුරාම ප්‍රමාණවත් ජලය පානය කරන්න එය ආහාර ජීර්ණය වැඩිකරමින්, ඔබේ සමේ පැහැපත්ව තබාගන්නා අතරම ශරීර ශක්තිය පවත්වා ගැනීමට උදව් වෙයි. සෑම උදෑසනක්ම වතුර වීදුරුවක් පානය කිරීමෙන් අරඹන්න.
කුඩා පියවරකින් අරඹන්න
මුලින්ම කුඩා පියවරකින් ඇරඹීම පුරුද්දක් ඇතිකර ගැනීමට උපකාරී වේ. 2025 සෞඛ්‍ය ඉලක්ක ජයගත් වසරක් වේවා!
https://rollingout.com ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️