ලෝකයේ උසම කාන්තාව සහ ලෝකයේ මිටිම කාන්තාව ලෙසින් ගිනස් වාර්තා පොතට එක් වුණ දෙදෙනෙකු එකම තේ මේසයකදී හමුවුණ අවස්ථාවක් ගැන වාර්තා වෙනවා.ලෝකයේ උසම කාන්තාව ලෙසින් ගිනස් පොතට ඇතුළත්ව සිටින ඇය රුමේසා ජෙල්ගි. ඇගේ උස සෙ.මි 215.16 ක්. ජෙල්ගි තුර්කියේ වෙබ් නිර්මාණ ශිල්පිනියක ලෙසින් කටයුතු කරනවා. ඇය මේ අන්දමින් අසාමාන්‍ය උසකින් යුක්ත වී තිබෙන්නේ වීවර් සින්ඩ්‍රෝමය නමැති අතිශය දුර්ලභ රෝගී තත්ත්වයක් නිසා බව ගිනස් ලෝක වාර්තාකරුවන් සඳහන් කරනවා. මේ සින්ඩ්‍රෝම තත්ත්වය නිසා අසාමාන්‍ය උසක් වාර්තා කරන 27 වැනි කාන්තාව ඇයයි. ගිනස් වාර්තා පොත මගින් ඉදිරිපත් කරන ලද Rumeysa: Walking Tall වාර්තා චිත්‍රපටයේද ඇය පෙනී සිටිනවා.
ඒ අතර ලෝකයේ මිටිම කාන්තාව ලෙසින් ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින ජියෝති අම්ගේ උස සෙ.මි. 62.8 (අඩි 2. අගල් 7) ක් වෙනවා. ඇය ඉතාලි “Lo Show Dei Record රූපවාහිනි වැඩ සටහනනේ විවිධ අවස්ථාවන් සඳහා පෙනී සිටි බවත් වාර්තා වෙනවා. මේ උස සහ මිටි කාන්තාවන් දෙදෙනාගේ උස පරතරය අඩි 5 ක් පමණ වෙනවා.පසුගිය දිනක පැවැති ලෝක ගිනස් වාර්තා සැමරීමේ දිනයේදී මේ ලෝකයේම උස් සහ මිටි කාන්තාවන් දෙදෙනා ලන්ඩනයේ සැවෝයි හොටලයේදී එකම තේ මේසයක එකට තේ පානය කිරීම විශේෂ සිදුවීමක්.
අපි දෙදෙනා උස සහ මිටි අනුව වෙනස්. නමුත් අපි දෙදෙනාම බොහෝ කටයුතුවලදී සමාන අදහස් දක්වනවා. වේශ නිරූපණය, ස්වර්ණාභරණවලට සහ නියපොතු අලංකාර කිරීමට කැමැතියි. අපට තිබෙන එකම අපහසුව නම් උසේ වෙනස නිසා කතා කිරීමේදී ඇස් අතර සම්බන්ධතාවය (Eye Contact ) පවත්වා ගැනීම පමණක් යැයි රුමේසා ජෙල්ගි සඳහන් කරනවා. ඒ හැර අප දෙදෙනා අතර වෙනසක් නැහැ.
තව දුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටින්නේ අපිව ගිනස් වාර්තා පොතට සීමා නොකොට මේ අන්දමින් සජීවි ලෙසින් අපි හමුවීමට අවස්ථාව සලසා දීම ඉතාම විශිෂ්ටයි යනුවෙනි. ඒ ගැන ඔවුන් ගිනස් ලෝක වාර්තා පොතේ කර්තෘ ක්‍රේග් ග්ලෙන්ඩේ වෙත වෙත ස්තුතිය ප්‍රකාශ කර තිබෙනවා.. ගිනස් ලෝක වාර්තා පොතේ 2025 වන සංස්කරණය වෙනුවෙන් ජෙල්ගි සහ අමි ICONS ලෙස නම් කර තිබෙනවා.
රොයිටර් පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
උස-මිටිගෑනු එකතැනකට
Leave a comment