නිවාසය යන සංකල්පය ලොවට බිහි වු දා සිට නිවසක ප්‍රධානම ගෘහ අංගයක් ලෙස මුළුතැන්ගෙය පෙන්වා දිය හැකිය. අතීතයේ දී මුළුතැන්ගෙය නිවසින් පිටත නිර්මාණය වුවද කල්යත්ම ගෘහණියගේ පහසුව සහ කාර්යබහුලත්වය නිසා මෙම මුළුතැන්ගෙය නිවසත් සමඟ එකට නිර්මාණය විය. සාමාන්‍යයෙන් නිවසක පිරිසිදුව තිබිය යුතු ගෘහ අංගයක් වන මුළුතැන්ගෙය වාස්තු විද්‍යාත්මක කරුණු සහ සිද්ධාන්ත මත ඉදිකිරිම එම නිවසට ඉතාම සුබදායකය.
මුළුතැන්ගෙයි වාස්තු ශාස්ත්‍රානුකූල පිහිටීම මෙන්ම ප්‍රායෝගික භාවිතය පිළිබඳවද තුලනාත්මක අවදානයක් යොමු කළ යුතු අතර ඉන් ලැබෙන ආර්ථික වාසි සහ මානසික මෙන්ම ශාරීරික සුවතාවයන් පිළිබදවද අවදානයක් යොමුකළ යුතුය. සාමාන්‍යයෙන් නිවසක මුළුතැන්ගෙය
තිබිය යුතු සුදුසුම දිශාව වශයෙන් ප්‍රථමව ගිනිකෝණ දිශාවත් දෙවනුවට විකල්ප දිශාව වශයෙන් වයඹ දිශාවත් සුදුසු බව වාස්තු ශාස්ත්‍රය තුළ ඉතා හොඳින් පෙන්වා දී ඇත.
එමෙන්ම ඊසාන සහ නිරිත දිශාවන් මේ සඳහා සුදුසු නොවන බවද මෙහිදි පෙන්වා දිය යුතුය. නිවසක මුළුතැන්ගෙය නිර්මාණය කිරීම සඳහා බලපානු ලබන දිශාවන් මෙසේ සඳහන් කළද එහි අභ්‍යන්තරයද වාස්තු ශාස්ත්‍රානුකූල ලෙස නිර්මාණය කර ගැනීමද ඉතාම සුදුසුය. ඒ පිළිබඳව ප්‍රායෝගික සහ වාස්තු ශාස්ත්‍රිය කරුණු මෙසේ සලකා බලමු.
මෙහිදි ප්‍රථමයෙන් මුළුතැන්ගෙයි දිශාවන් පිහිටා ඇති ආකාරය සොයා බැලිය යුතුය. මේ සඳහා නිවැරදි ක්‍රමය වනුයේ මුළුතැන්ගෙයි මැදට පැමිණ එහි අභ්‍යන්තර දිශාවන් බෙදි ඇති ආකාරයට හඳුනාගැනීමය. මේ සඳහා නිවැරදි මාලිමාවක් භාවිත කිරීම සුදුසුය. ( ඉර පායන දිශාව මත දිශාවන් තිරණය කිරීම එතරම් සුදුසු ක්‍රමයක් නොවන බවද සඳහන් කළ යුතුය ) මුළුතැන්ගෙය ඇතුලත නිවැරදිව දිශාවන් සොයාගත් පසුව එහි අභ්‍යන්තරය සැලසුම් කිරිම මේ ආකාරය සිදුකර ගැනීම වඩාත් සුදුසුය.
මුළුතැන්ගෙයි සින්ක් :(Sink) එක නැගෙනහිර දිශාවට තිබිම සුදුසු වන අතර එම දිශාවට ජනෙලයක් සැලසුම්කර තිබීමද ඉතාම ප්‍රායෝගික කරුණකි. මෙමඟින් එහි ඇති ජලය තරමක් අඩු කාලයකින් වියලාගත හැකිය. තවද උදෑසන පායන හිරු කිරණ ප්‍රථමයෙන් මුළුතැන්ගෙය තුලින් නිවසට ලබාගත හැකිය. වාස්තු ශාස්ත්‍රය තුළ මුළුතැන්ගෙට පළමු හිරු කිරණ ලැබීම සුබ කරුණක් ලෙස සලකනු ලබයි.
ජල පෙරණය වැනි පානය කිරීම සඳහා ගනු ලබන ජලය තැන්පත් කරන භාජන ඊසාන දිශාව තුළ සැලසුම්කර ගැනීම සුදුසුය. ගිනිකොණ දිශාවේ සැලසුම් කර ඇති මුළුතැන්ගෙයක ළිප එහි ගිනිකොණට වන්නට තිබිමත් එහි ආහාර පිසීම නැගෙනහිර දිශාව බලා සිදු කිරිමත් සුදුසුය. වයඹ දිශාව තුළ සැලසුම්කර ඇති මුළුතැන්ගෙයක එහි ළිප වයඹ කෝණයට තැබීමත් උතුර දිශාව බලා ආහාර පිසීම සිදු කිරිමත් සුදුසුය.එමෙන්ම තවත් ඉතාම වැදගත් සංකල්පයක් මුළුතැන්ගෙය ආශ්‍රිතව ගොඩනගාගත හැකිය.
එය නම් “මුළුතැන්ගෙයි ගෙවත්ත” යන සංකල්පයයි. මෙය මුළුතැන්ගෙයින් පිටවන දොරට තරමක් සමීපයෙන් කුඩා ප්‍රමාණයේ ගෙමිදුලක් සකස්කර ගැනීමය. මෙය මුළුතැන්ගෙයි කාර්යයන්ට සහය ලබා ගැනීම සඳහා සැලසුම් කරනු ලබන දෙයකි. මෙය ඉඩමේ ප්‍රමාණය මත සකසා ගත යුතුය. ප්‍රමාණයෙන් කුඩා ඉඩමක කුඩා භූමි ප්‍රමාණයක් තුළ වුවද මෙය සකසා ගැනීම ඉතාම සුසුසුය.
එසේ සුදුසු භූමි ප්‍රමාණයක් නොමැතිනම් කුඩා මල් පොච්චිවලද මෙම සංකල්පය ගොඩනගා ගත හැකිය. මෙම ගෙවත්ත තුළ එදිනෙදා ආහාර පිසීමට අවශ්‍ය කරපිංචා, රම්පෙ, අමු මිරිස්, ඉඟුරු වැනි එදිනෙදා ආහාර පිසීමට අවශ්‍ය පැළ වර්ග වගා කර ගත හැකිය. පෙර සඳහන් කළ පරිදි මුළුතැන්ගෙයින් පිටවන දොරටුව අසල මෙම ගෙවත්ත සකස් කර ගැනීම කාර්ය බහුල ගෘහණියකට ඉතා වැදගත් වේ. එය කාලය ඉතිරිකර ගැනිම සදහා වැදගත් වන ප්‍රායෝගික කරුණක් වශයෙන්ද පෙන්වාදිය හැකිය.මුළුතැන්ගෙයි දර ළිපක් ඇති නම් ඉවත දමන අළු මෙම පැළවලට පොහොරක් වශයෙන් යෙදිය හැකිය. එමෙන්ම ඉවතලන ද්‍රව්‍ය ද පොහොර වශයෙන් යෙදිය හැකිය.
තවද මෙම අළු යෙදීම මඟින් පළිබෝද හානිද අවම කර ගත හැකිය. මෙමඟින් නිවසට ලැබෙන ආර්ථික ලාභයද තවත් වාසියක් වන අතරම මෙම ශාක වර්ධනය වන ආකාරය සහ ඵල හට ගන්නා ආකාර දැකීම ද මානසික සුවතාවයට තවත් ඔසුවක් වශයෙන් සැලකිය හැකිය.තවද නිවසක මුළුතැන්ගෙය සමඟ බැදුනු වැදගත් කරුණු කිහිපයක් වශයෙන් පහත සඳහන් කරුණු පෙන්වා දිය හැකිය.
ලුණු දැමීම සඳහා විවිධ වර්ගයේ බෝතල් වෙනුවට ලුණු පොල්කටුවක් භාවිත කිරීම සුදුසු වන අතර එය හිස් නොවන ලෙස තබා ගන්න. මුළුතැන්ගෙයි ඇති ජල කරාමවලින් නිකරුනේ ජලය ගැලීම් ඇති නම් එය පිළිසකර කර ගත යුතු අතර ඉඳුල් භාජන රාත්‍රී නින්දට යාමට පෙර පිරිසිදු කර තබා ගන්න. එමෙන්ම මුළුතැන්ගෙයින් පිටවන අපිරිසිදු ජලය ඊසාන හෝ නිරිත දිශාවලට ගලා බැසීම නුසුදුසුය. දෙමහල් නිවසක නම් ම`ුඵතැන්ගෙයට ඉහළින් වැසිකිළි ආදිය නොයෙදෙන ලෙස නිවස සැලසුම් කිරීම ඉතාම සුදුසුය.
රෝග සඳහා ගනු ලබන බෙහෙත් ඖෂධ වර්ග මුළුතැන්ගෙයි නොතැබිය යුතුය. ඖෂධ තැබීම සඳහා වඩාත් සුදුසු ඊසාන දිශාවය.කෙතරම් කාර්යබුහල වුවත් දිනකට කෙටි ආහාරයක් හෝ මුළුතැන්ගෙයි ළිප දල්වා සකස් කර ගැනීම නිවසක සක්‍රීයතාවයට හේතුවකි.මෙවැනි කරුණු මුළුතැන්ගෙට යොදා ගැනීම මඟින් වාස්තු ශාස්ත්‍රානුකූල මෙන්ම ප්‍රායෝගික සහ නව අරුතක් ඇති මුළුතැන්ගෙයක් නිර්මාණය කරගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු
වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම් අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page )
අර්චිත ඉඳුවර ✍️