ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක කලාපවල මෙන්ම නාගරික හා අර්ධ නාගරික ප්රදේශවලද ඩෙංගු ව්‍යප්තිය වැඩිය. අද ලෝක ජනගහණයෙන් අඩකට වඩා ඩෙංගු රෝග අවදානමට ලක් වි සිටිති. රෝගය කළින්ම හඳුනාගැනීම, විශේෂයන් දහවල මදුරුවන්ගෙන් ප්‍රවේසම් වීම සහ පරිසරය පිරිසිදුව තබාගැනීම ඩෙංගු පාලනයට උදව් වේ.
මතුපිටින් හඳුනාගත නොහැක
වෛද්‍ය පරීක්ෂණයකින් තොරව ඩෙංගු හඳුනාගත නොහැකිය. අධික උණ, හිසරදය, ඇඟපත රුදාව, ඔක්කාරය, කුෂ්ඨ ආදිය මතුවන අතර සති 1 – 2 අතර කාලයකදි සුවවනු ඇත. දරුණු අතර හැරුණු රෝගීන් රෝහල්ගත කළ යුතුය. වෛරසය ආසාදනය වී දින 4 – 10 අතර කාලයකදී රෝගය ආරම්භ වෙයි.
අපහසුතා
ඩෙංගු රෝගීන් අධික උණ, තදබල හිසරදය, ඇස්යට වේදනා, මාංශපේෂී සහ සන්ධි වේදනා, ඔක්කාරය, වමනය, ග්‍රන්ථි ඉදිමීම, කුෂ්ඨ ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
මාරාන්තික ඩෙංගු
ඩෙංගු දෙවන වරටත් වැළඳුණු අයට මාරාන්තික ඩෙංගු වැළඳීමේ අවදානම වැඩිය. එම දරුණු තත්ත්වය ඇතිවන්නෙ උණ බැසගිය පසුවය. එහිදී දරුණු උදර වේදනාව, නොකඩවා වමනය, වේගවත් හුස්ම ගැනීම, විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය වහනය, තෙහෙට්ටුව, අවිවේකී බව, වමනය හා මළපහ තුළ රුධිරය තිබීම, දැඩි පිපාසය, සම සුදුමැලිවීම සහ සිසිල්වීම, ඇඟ දුර්වලවීම රෝග ලක්ෂණ ලෙස ඇතිවේ. මේ තදබල රෝග ලක්ෂණ ඇතිවූ වහාම නේවාසික රෝහල් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. ඩෙංගු රෝගීන්ට සුවවී සති කිහිපයක් යනතුරම වෙහෙස බවක් දැනේ.
ඩෙංගු රෝග ප්‍රතිකාර
පරීක්ෂණ මගින් ඩෙංගු හඳුනාගනු ලැබූ පසු වේදනානාශක දීම හැරුණු කොට විශේෂ ප්‍රතිකාරයක් ඒ සඳහා නැත. බොහෝ විට නිවසේදීම පැරසිටමෝල් වේදනා නාශක ගනු ලබයි. නිවසේ රැඳී ප්‍රතිකා ගැනීමේදී ස්ටෙරොයිඩ් නොවන ෂඉමචරදfැබ හෝ ්ිචසරසබ වැනි ඖෂධ නොදිය යුත්තේ එමගින් ලේ ගැලීමක් සිදුවිය හැකි බැවිනි.
ඩෙංගු ව්‍යප්තියේ වැඩිවීම
එල් නිනෝ සංසිද්ධිවල ප්‍රතිවිපාක, උෂ්ණත්වය, අධීක වර්ෂාපතනය සහ ආර්ද්‍රතාව යන දේශගුණික සාධක, ජනගහණ ව්‍යප්තිය සහ ඩෙංගු වාහක මදුරුවන් වෙනස්වීම, දේශපාලන හා මුල්‍ය අස්ථාවරත්වය ආදි සාධක ලෝකයේ ඩෙංගු ව්‍යප්තියට හේතුවේ.
මිනිසුන්ගෙන් ව්‍යප්ත වන ආකාරය
ඩෙංගු වෛරසය ශරීරය තුළ ඇති පුද්ගලියින්ගෙන් මදුරුවන් ආසාදිතවීම රෝගය ව්‍යප්ත වන තවත් ආකාරයකි. ඒ පුද්ගලයා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමට දින දෙකකට පෙර ඔහුට දෂ්ට කරන මදුරුවාගෙන්ද ආසාදිත පැතිරිය හැකිය.
මාතෘ සම්ප්‍රේෂණය
ගර්භණී සමයේදී මවකට ඇතිවන ඩෙංගු ආසාදනය නිසා නොමේරූ දරු උපත්, අඩු බර උපත් සහ කළලයට හානි වීම් සිදුවිය හැකිය.
වෙනත් සම්ප්‍රේෂණ අවස්ථා
ඉතා විරල වූවත් රුධිරය හා සම්බන්ධ රුධිර පාරවිලනය, අවයව පරිත්‍යාගය ආදී කටයුතු වලදීද ඩෙංගු රෝගය සම්ප්‍රේෂණය විය හැකිය.
අවදානම් සාධක
මින් පෙර DENV ආසාදනය වී තිබීම, සැලසුම් නොකළ නාගරීකරණය, මිනිස් සංචලනය, අපිරිසිදු ජල මූලාශ්‍ර, අපිරිසිදු ජල ගබඩා කිරීම් ආදියද ඩෙංගු වැළඳීමේ අවදානම් අවස්ථා වැඩිකරයි.
https://www.who.int ඇසුරිනි
සුනිල් අල්ගම ✍️