සමහරවිට හැම දවසකම හිසකෙස් පීරීමෙන් පස්සෙ පනාවට ගැලවිලා එන අසාමාන්‍ය හිසකෙස් ප්‍රමාණය දැකලා ඔබටම එපා වෙලා ඇති. අකලට හිසකෙස් ගැලවෙනවට, කොණ්ඩෙ ඉදෙනවට වගේ ඉහේ කෙස් ගාණට කොණ්ඩෙ සම්බන්ධ ගැටලුවලට විවිධාකාරයේ ප්‍රතිකර්ම තියෙනවා. ඒ අතරින් විශේෂ තැනක් වෙන්වෙන දෙයක් තමයි රෝස්මරි තෙල් කියන්නේ. සූපශාස්ත්‍රයේදී නිතර කියවෙන නමක් වුණත් හිසකෙස් රැකවරණය සම්බන්ධයෙන් රෝස්මරි කියන්නෙ සුපිරි තරුවක්.
හිසකෙස් වර්ධනය උත්තේජනය කරන්න, හිසකෙස් ශක්තිමත් කරන්න රෝස්මරිවලට බලයක් තියෙනවා. රෝස්මරී තෙල් හිස් කබලේ ආලේප කිරීමෙන් රෝම කූපවල රුධිර සංසරණය වැඩි වෙනවා. මෙයින් අදහස් කරන්නේ හිසකෙස් වර්ධනයට වැඩි පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් ලබාදීම. මින්ට් පවුලට අයිති රෝස්මරිවල තියෙන සුවඳ නිසාම සියවස් ගණනාවක් පුරා වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් සහ රූපලාවන්‍ය සඳහා භාවිත කරලා තියෙනවා. ඔබේ හිසකෙස් සිහින් වෙනවා නම් හෝ හිසකෙස් වර්ධනය වේගවත් කරගැනීමට අවශ්‍ය නම් රෝස්මරී තෙල් ඔබ සොයන ස්වභාවික විසඳුම විය හැකියි.
හිසකෙස් වර්ධනයට රෝස්මරී තෙල්
රෝස්මරී තෙල් බිංදු කිහිපයක් එක්ක පොල්, ජොජෝබා හෝ ආමන්ඩ් තෙල් වැනි තෙලක් මිශ්‍ර කරලා සෘජුව හිස්කබල සම්බාහනය කරන්න.මිනිත්තු 10 ක් පමණ තියෙන්නට හැර හිසකෙස් සෝදා හරින්න. කේෂ මූලයන් පෝෂණය කරන්න රෝස්මරි තෙල් බෙහෙවින්ම උපකාරී වෙනවා.
ෂැම්පු සමඟ රෝස්මරි තෙල්
ඔබ භාවිත කරන ඕනෑම ෂැම්පූ වර්ගයකට රෝස්මරී තෙල් බිංදු 10ක් 15ක් එකතු කරන්න. පසුව හොඳින් සොලවා සුපුරුදු පරිදි භාවිත කරන්න. මෙම ක්‍රමය මඟින් සෑම සේදීමකින්ම ඔබේ හිස්කබලට ප්රතිලාභ නිතිපතා ලැබෙනවා.
දිලිසෙන කෙස් කළඹකට
රෝස්මරී තෙල් සහ ඔලිව් තෙල් සමාන කොටස්වලින් මිශ්‍ර කර මුළු හිස්කබලේ සහ හිසකෙස්වල ආලේප කරන්න’ පසුව හිසකෙස් උණුසුම් තුවායක් ඔතා අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ආවරණය කර තබන්න. ඉන්පසු සුපුරුදු පරිදි ෂැම්පු කර සෝදා හරින්න.
රෝස්මරී සහ කෝමාරිකා ජෙල් හෙයාර් මාස්ක්
කෝමාරිකා ජෙල් එක්ක රෝස්මරී තෙල් මිශ්‍ර කිරීම ප්‍රබල හිසකෙස් ආවරණයක් නිර්මාණය කරන අතර එය හිසකෙස් වර්ධනයට උත්තේජනය කරනවා.හිස්කබල සමනය කර පෝෂණය කරනවා. මෙයට අවශ්‍ය වෙන්නෙ පිරිසිදු කෝමාරිකා ජෙල් තේ හැඳි 2ක්, රෝස්මරි තෙල් බින්දු 10 ක්, එඬරු තෙල් තේ හැන්දක්. පිරිසිදු භාජනයක් ගෙන රෝස්මරි තෙල් සමඟ කෝමාරිකා ජෙල් මිශ්‍ර කරන්න. අතිරේක පෝෂණයක් සහ හිසකෙස් ගණකම වැඩි කිරීමට අවශ්‍ය නම්, මිශ්‍රණයට එඬරු තෙල් එකතු කරන්න. එඬරු තෙල් මේද අම්ලවලින් පොහොසත් වන අතර එය හිසකෙස් වර්ධනයට සහ අමතර තෙතමනය ලබාදෙනවා.
මිනිත්තු කිහිපයක් හිස්කබලට මෘදුව සම්බාහනය කර විනාඩි 30 ක් පමණ ආවරණ කර තබන්න. පසුව මද උණුසුම් ජලයෙන් හොඳින් සෝදාහැර ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා නැවතත් සෝදන්න. මේ හෙයා මාස්ක් එක සමස්ත හිස්කබලේම සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට වගේම හිසේ කැක්කුම අඩු කිරීමට සහ වේගවත් හා සෞඛ්‍ය සම්පන්න හිසකෙස් වර්ධනයටත් උපකාරී වෙනවා. සතියකට වරක් හෝ දෙවරක් මෙම හෙයාර් මාස්ක් එක භාවිත කිරීමෙන් හිසකෙස්වල සෞඛ්‍යය සහ පෙනුම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගත හැකියි.
Shine sheets ඇසුරින්
එරංදි කෞශල්‍යා ✍️