අවශ්‍ය ද්‍රව්‍ය
- හතු ග්‍රෑම් 100
- කෝන් පිටි ග්‍රෑම් 50
- බිත්තර 1
- මිරිස් කුඩු මේස හැඳි 1/2
- කහ කුඩු මේස හැඳි 1/2
- ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2
- බටර් මේස හැඳි 2
- චිලි පේස්ට් මේස හැඳි 2
- සෝයා සෝස් මේස හැඳි 1
- තක්කලි සෝස් මේස හැඳි 1
- සීනි මේස හැඳි 1/2
- ලූනු ගෙඩි 1
- කරපිංචා කොළ
- මාළු මිරිස් කරල් 1
- ලූනූ ගස් 2-3
- වියළි මිරිස් කරල් 2-3
- ලුණු සහ තෙල්
සාදාගන්නනා ආකාරය
බෝල් එකකට හීනියට කඩා ගත් හතු එකතුකර එයට කෝන් පිටි, බිත්තර, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු දාල මිශ්‍ර කර බැද ගන්න. භාජනකට තෙල් එකතු කර කරපිංචා, කඩා ගත් මිරිස් කරල්, ඉඟුරු, සුදු ලූනු සහ චිලි පේස්ටි දමා බඳින්න. හොඳින් බැදෙනකොට බටර්, සීනි, සෝයා සෝස්, තක්කාලි සෝස්, රවුමට කපාගත් ලූනු, දික් අතට කැපූ මාළු මිරිස්, ලූනු ගස් සහ ලුණු දමා සෝස් එක හදාගන්න. සෝස් එකට බැදගත් හතු දාල කලවම් කරන්න.