අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් රතු ඇපල්
- දුඹුරු සීනි
- දෙහි යුෂ ටිකක්
- බටර්
- ලුණු
- පෙති පාන්
සාදාගන්නා ආකාරය
සීනි ටික භාජනයකට දමා එයට වතුර ස්වල්පයක්, ලුණු සහ දෙහි යුෂ එක් කර කැරමල් කරගන්න. සීනි ටික කැරමල් වේගෙන එන කොටම ඇපල් පෙති ටික එක් කර විනාඩි දෙකක් පමණ පිසගෙන ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න. පාන් පෙතිවල බටර් තවරාගෙන නිවාගත් ඇපල් පෙති ඒ මත තබා බටර් තවරාගත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කර වාටි කපාගන්න. කැමති ආකාරයට කපා පිළිගන්වන්න.