මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛතම හා පැරණිතම සංගමය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අභිනව සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය පසුගිය ජනවාරි 12 වැනි දින උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්විණි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා නව සභාපති ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළ අතර, “ ජීවන චක්‍රය පුරා සෞඛ්‍ය සාධාරණත්වය හා සවිබලකරණය” මෙවර තේමාව ලෙස හදුන්වා දීමක්ද සිදුවිය.
තත්කාලීන සමාජ, සංස්කෘතික වෙනස්කම් අභිමුව අලුත උපන් දරුවාගේ සිට
වයෝවෘද්ධ වැඩිහිටි පුරවැසියන් දක්වා සෞඛ්‍ය සාධාරණත්වය තහවුරු වන ලෙස සෞඛ්‍ය සේවා ප්රවේශයන්වලට ඉඩකඩ සකසමින්, සෞඛ්‍ය සවිබලකරණය කරා සමාජය මෙහෙයවීම හා නිසි මාර්ගෝපදේශ සැපයීම මෙවර තේමාවේ මුඛ්‍ය අභිමතාර්ථ වී ඇත. තවද, සමස්ත සෞඛ්‍ය පද්ධතියේ තිරසාර පැවැත්මට අභියෝගයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම හා කෘත්‍රිම බුද්ධිය වැනි නවෝපංග සෞඛ්‍ය පද්ධතියේ ප්රගමනය උදෙසා භාවිත කිරීම, 2025 වර්ෂය තුළදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මුලිකත්වයෙන් ක්‍රියා වේ නැංවීමට අපේක්ෂා කෙරේ.
■ හරින්දී ලියනගේ