ඕට්ස් කියන්නේ ශරීර ශක්තිය වඩවන හොඳම ආහාරයක් බව ඔයා දැනගෙන හිටියද? ලෝකයේ දහසකුත් ආහාර අතරින් පෝෂණ ගුණයෙන් ඕට්ස් ඉහළම ස්ථානයක් අත්පත් කරගෙන ඉන්නේ ඒ නිසයි.
සාමාන්‍යයෙන් දවසට ඕට්ස් ග්‍රෑම් 78 ක් ගැනීම ප්‍රමාණවත්. ඕට්ස්වල මැග්නීසියම්, පොස්පරස්,කොපර්, අයන්, ෆොලේට්, විටමින් බී වන්, කැල්සියම්, පොටෑසියම් විටමින් බී ත්‍රී වගේ පෝෂක රැසක් අඩංගු වෙනවා. ඊට අමතරව ඕට්ස් කෝප්ප බාගයක කැලරි තුන්සිය තුනක ප්‍රමාණයක් පවතිනවා. ඒ නිසා ඕට්ස් කියන්නේ ශරීර සුවතාවයට කියාපු ආහාරයක්.
ඕට්ස් කෑවොත් කොලෙස්ට්‍රෝල් පාලනය කරන්න පුළුවන්
ලෝකයේ ගොඩක් මරණවලට හේතුවක් තමයි හෘදයාබාධ. එහි අවධානම් තත්ත්වය තවත් වැඩි කරන්නේ කොලෙස්ට්‍රෝල්. ඕට්ස්වල පවතිබ බීටා ග්ලූකන් තන්තු මගින් සිරුරේ ඇති කාය Cholesterol මට්ටම අඩු කරනවා.
දියවැඩියා තියෙන අයට ඕට්ස් ගුණයි…
ටයිප් ටූදියවැඩියාව ඇති අයට ඕට්ස් හරිම ගුණදායි ආහාරයක්. ඕට්ස්වලට රුධිරගත සීනිමට්ටම අඩු කරල ඉන්සියුලීන් සංවේදීතාවය ඉහළ දැමීමේ හැකියාවක් පවතිනවා.
අධික බර අඩු කරල ඔයාට හැඩට ඉන්නත් ඕට්ස් කෑවොත් පුළුවන්
බර කියන්නේ ගොඩක් අයට තියන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඕට්ස් ආහාරයට ගත්තම කුස පිරුණු ගතියක් දැනෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට ආහාර ගැනීමේ අවශ්‍යතාවක් දැනෙන්නෙ නැහැ. ඒ නිසා බර අඩුවෙනවා. ඕට්ස්වල තියෙන තන්තුමය ස්වාභාවය නිසා පහසුවෙන් දිරවීනේ හැකියාව ඇති කරනවා ඒ නිසා මළබද්දයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.ඒ නිසා කඩචෝරු කඩෙන් කන කෙනක් නම් ෆාස්ට් ෆුඩ් පොඩ්ඩක් අඩු කරල අද ඉදන් ඕට්ස් ටිකක් කන්න පුරුදු වෙන්න. ඕට්ස් කියන්නෙ රස වගේම ගුණ පිරි ආහාරයක්. හැඩති නිරෝගී සිරුරකට කැමති හැමෝම අද ඉදන් ඕට්ස් කන්න අමතක කරන්න එපා.
අන්තර්ජාලය ඇසුරෙන්
පවනි දිලේකා ✍️