දිනුලි දම්සදි
චූටි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ. කියන්නේ හරි ප්‍රසිද්ධ කියමනක්. ඒ වගේම පොඩි වුණත් හරිම දක්ෂ පුංචි දුවෙක් අපට හමු වුණා. ගම්මිරිස් ඇටයක් වගේ සැර නැති වුණත් පොඩි වයසට හරි හරියට සිංදු කියන්න උපන් හැකියාවක් පුංචි දුවෙක් තමයි දිනුලි කියන්නේ.
දිනුලි ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ…
මම දිනුලි දම්සදි මට අවුරුදු දහයයි. මම ඉන්නේ ඇඹිලිපිටියේ. ඉගෙනීම් කටයුතු කරන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ
දිනුලි මොනවද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු. ඒ නිසා යාළුවෝ එක්ක ඇවිදින්න ගියා. ඒ වගේම සෙල්ලම් කළා. ශිෂ්‍යත්ව විභාගෙත් ඉවර නිසා හරිම සතුටින් තමයි ඉන්නේ. ළඟ ළඟ නත්තලුත් එන නිසා නංගියි අක්කයි එකතු වෙලා නත්තලට කව එකක් කරන්න හිතාගෙන ඉන්නවා.
දිනුලි කොහොමද සංගිත ක්ෂේත්රයට ආවේ?
මම අවුරුදු තුනේදී දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 තරඟාවලියට මගේ අක්කත් එක්ක ඇතුළු වුණා. ඒ තරඟයෙන් අටවෙනි ස්ථානයට එන්න පුළුවන් වුණා. ඊටපස්සේ සීසන් එකොළහටත් සහභාගී වුණා. ඒ තරඟයෙන් තුන්වෙනිය වුණා. ඒ විදියට තමයි මම සංගීත ක්ෂේත්රයට ආවේ.
පොඩි කාලෙ ඉදන්ම සිංදු කියනවද?
ඔව්. පොඩිකාලේ ඉදන්ම සිංදු කියන්න ගොඩක් කැමතියි. මගේ අම්මත් සංගීත ගුරුවරියක්. ඒ නිසාම අපේ ගෙදරත් තියෙන්නේ සිංදු කියල සතුටින් ඉන්න වටපිටාවක්. අම්මත් ගොඩක් උදව් කරනවා. අවුරුදු දෙකේ ඉදන් වගේ මම සිංදු කියනවා. චූටි කාලේ නිතරම කිව්ව සිංදුවක් තමයි මගේ නංගි බෝනික්කෙක් සිංදුව.
දිනුලි දැනට ගායනා කරලා තියෙන සිංදු මොනවද?
මම සිංදු කිහිපයක්ම කරල තියෙනවා. හබරත්තාවල සුබෝධි හාමුදුරුවෝ ලියපු පත්තිනි ගීතය, සිරීපාදේ සිරි අනුරුද්ධ හාමුරුවො ලියපු පුරාසඳ අම්මා ගීතය, මුදිත සිල්වා මාමා ලියපු දේදුන්නක් පායල ගීතය. ඊට අමතරව අත්තම්මා, කිරිඅම්මා වගේ වගේ ගීත කිහිපයක්ම දැනට කරලා තියෙන්නේ. ළඟදී අලුත් සිංදුවක් වොයිස් කළා. ඒ සිංදුව මේ මාසේ රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
දිනුලිට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ මොන සිංදුවටද?
ඉස්සර නිතරම පවර් කට් කරන කාලයක් තිබ්බේ. ඒ කාලේ නංගිත් එක්ක මම කාංචනා අනුරාධි අක්කා ගායනා කරන චමත් සංගීත් මාමා සංගීතය සපයන හදමඩලම ගීතය කිව්වා. ඒ සිංදුව අම්ම වීඩියෝකරල FB දාල තිබුණා. නොහිතුව විදියට ගොඩක් දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ සිංදුව චමත් සංගීත් මාම දැකල මට කවර් එකක් කරන්න කිව්වා. ඊට පස්සෙ තමයි වොයිස් කරල වීඩියෝ එකක් එක්ක යූටියුබ් අප්ලෝඩ් කළේ. ඒ සිංදුව ගොඩක් ජනප්‍රිය වුණා. ඒක ඇත්තටම අමතක නොවන සිදුවීමක්.
දිනුලිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉස්කෝලේ ගියාම යාළුවො සිංදු කියල පෙන්නන්න කියනවා. ප්‍රෝග්‍රැම්ස් ගැන අහනවා. ඒ වගේම මගේ සිංදු අහන අයගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
දිනුලි කොහොමද අධ්‍යපන කටයුතුත් එක්ක සංගීත වැඩ කරන්නේ?
මට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්ම සංගීත ගුරුවරියක්. තාත්තත් සිංදු කියනවට කැමතියි. ඒ දෙන්නගේ උදව් නිසා මට ඉස්කෝලේ වැඩයි සංගීත කටයුතුයි දෙකම කරන්න පුළුවන් වුණා. ඒ වගේම මගේ ගුරුවරු යාළුවො මට උදව් කරනවා. ඒ නිසා ඉස්කෝලේ වැඩත් අතපසු කරගන්නෙ නැතිව මේ ගමන ආවා.
දිනුලිගේ අනාගත බලාපොරොත්තු මොනවද
මම කැමතියි හොඳට ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒ වගේම සංගීතය තවදුරටත් ඉගෙනගෙන ඒ හැකියාවක් දියුණු කරගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
පවනි දිලේකා ✍️