නිවසක මුළුතැන් ගේ ෆ්‍රිජ් එක, සින්ක් එක හා ළිප අතර දුර working Tranger ලෙස අපි හඳුන්වනවා. මෙම දුර අඩුවන තරමට මුළුතැන්ගේ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ලැබේ. එමගින් ගෘහණිය දිනකට ඇවිදන දුර ප්‍රමාණය අඩුවීම මගින් දැනෙන වෙහෙස බව අඩු කරගන්න පුළුවන්. ඔබට පවතින ඉඩකඩ ප්‍රමාණය මත Work top එකේ හැඩය හා පැන්ට්රිකබර්ඩ් ස්ථානගත කරන ආකාරය තීරණය කරගන්න පුළුවන්. වැඩි ඉඩකඩක් ඇති අවස්ථාවකදී Island එකක් නිර්මාණය කර ගැනීමටද ඔබට පුළුවන්. Island එකක් නිර්මාණය වන්නේ නම් එය පැන්ට්‍රියේ උසටද, පැන්ට්‍රියේ පළලට වැඩි පළලකින් යුතුව නිර්මාණය කරගැනීම මගින්. ආහාර ගැනීම සඳහාද, Work Top එකක් ලෙසද යොදා ගන්න ඔබට පුළුවනි. සින්ක් එක සහ කුකර් එක ද Island එකට ස්ථානගත කරන්න ඔබට පුළුවන්. නමුත් කිසිම විටක ඔබගේ working Tranger එකට බාධාවන පරිදි ෂික්බා එකක් නිර්මාණය කරගන්න එපා.
කුකර්…
කුකර් එකක් තෝරා ගැනීමේදී ඔබගේ අවශ්‍යතාවය මත ලිප් හතරක් හෝ ලිප් හයක් ලෙස තෝරා ගන්න ඔබට පුළුවනි. ලිප් හයේ කුකර් එකක් යොදා ගැනීමේදී ඔබගේ Work Top එකෙහි ඉඩකඩ ඇහිරෙන්නේ නම් ඔබට ලිප් හතරක් භාවිත කිරීම වඩාත් උචිතය. ලිප් හතරම ගෑස් මගින් හෝ ලිප් තුනක් ගෑස් මගින් හා එක ලිපක් විදුලිය මගින් යන ආකාර දෙකටම ඔබට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවනි.
Infrared cooker දැන් බහුලද යොදා ගන්න පෙළඹීමක් තියෙනවා. ඔබ Island එකට කුකර් එක යෙදීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා Infrared cooker එකක්ම භාවිත කරන්න එමගින් ගිනිදැල් පිටතට නොයන නිසා ඒ ඉතා ආරක්ෂකක ක්රමයකි. කුකර් එක හා සින්ක් එක අතර අවම දුර අඩි 2 ක් වත් පවත්වා ගත යුතු අතර. ඉඩකඩ ඇති අවස්ථාවකදී නම් එම දුර ඊට වඩා යම් ප්‍රමාණයක් හෝ වැඩිවීම වැදගත් වේ.
කුකර් හුඩ්…
Filter type හා Chimney type කුකර් හුඩ් ලෙස ආකාර දෙකකින් ලබාගන්න ඔබට පුළුවන්. Filter type එක යොදා ගන්නේ නම් ඒ සඳහා කුකර් හුඩ් එක උඩින් කබඩ් එකක් නිර්මාණය කරගත යුතුයි. Chimney type කුකුඩ් එකක් යොදාගන්නේ නම් රතු වාතය පිටතට ගෙන යන නළයක් එළිය යුතුවේ. අලංකාරය සඳහාද එය බහුලව. ගෑස් ලිපකට කුකර් හුක් එකක් යොදා ගන්නේ ලිප හා හුක් එක අතර පරතරය අගල් 30 තැබීමට අවශ්‍යය.
ඔබ Hot plate හෝ Infrared cooker එකක් භාවිත කරන්නේ නම් අගල් 26 ක පරතරයක් කුකර් හුක් එකට පැවතීම ප්‍රමාණවත් වේ. Infrared cooker එක ඔබ භාවිත කරන්නේ Island එකේ නම්, ඒ සඳහා කුකුක් එකක් යෙදීම ප්‍රායෝගික නොවේ. එවන් අවස්ථාවකදී Infrared cooker එකටම Exhaust Fan එකක් සම්බන්ධ වූ Infrared cooker එකක් ඔබට වෙළෙඳපොලෙන් මිලදී ගන්නපුළුවන්.
ශීතකරණය…
නවීන තාක්ෂණයෙන් යුත් ශීතකරණයන් මිලදී ගැනීම වඩාත් යෝග්‍ය වේ. Inverter type මගින් අඩු විදුලික් භාවිත කරන්න පුළුවන් කමක් ලැබේ. කුස්සිය නිර්මාණය කර ගැනීමේදීම යොදා ගන්නා ලද ශීතකරණයේ ප්‍රමාණය තීරණය කර ගැනීම වඩාත් වැදගත් වේ.
ස්ථානයට නොගැළපෙන පරිදි විශාල ප්‍රමාණයේ ශීතකරණයක් ලබා ගැනීම මගින්, එක කෑම කාමරයේ හෝ වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට සිදු වුවහොත්, ඒ සඳහා ගමන් කිරීමට ඇති දුර ප්‍රමාණයද වැඩිවේ. උඩ යට දොරවල් දෙක වෙනුවට, නවීන පන්නේ Side by side double door ශීතකරණයක් ඔබට යොදාගන්න පුළුවනි. එහි ප්‍රමාණය අඩි 3 ක් දිගක් හා පළල අඩි 2 1/2 පමණ වේ. ඔබගේ පැන්ටියට වඩා ඒ ඉදිරියට නෙරා පවතී.
එමෙන්ම බිත්තිය ආසන්නයේ ඔබ ශීතකරණය තැබීමට බලාපොරොත්තු වන්නේ නම් එහි දොර විවෘත කිරීම සඳහා බිත්තියේ සිට ශීතකරණයට ඇති දුර අඟල් 12- 18 ඉඩක් තැබිය යුතුවේ. එම නිසා ශීතකරණය සඳහා මුදල් වියදම් කිරීමට හැකියාව තිබුණද, අවශ්‍යතාවය හා ස්ථානයේ ඉඩකඩ සැලකිල්ලට ගෙන ශීතකරණය තෝරා ගැනීම වඩාත් උචිත වේ.
සෝදන බේසම ( Sink)
වෙළඳ පොළ තුළ විවිධවිධ මාදිලියේ, විවිධ හැඩයන් හා විවිධ අමුද්‍රව්‍ය යොදා ගන්නා ලද Sink දක්නට ලැබේ. Undermount double bowl with tray kichen sink ඉස්සර බහුලව භාවිත වුවද කුඩා ඉඩකදී නිර්මාණය වන මුළුතැන් ගෙවල් සදහා මේ කාලයේදී One bowl හෝ Double bowl සහිත Tray එක රහිත sink භාවිතා කරනු ලැබේ. Stainless Steel වලින් නිර්මාණ කරන ලද Handmade double bowl වැනි Sink කළු හා සිල්ව පාටින් ලබා ගැනීමට පුළුවනි.කබඩ් නිර්මාණය කිරීමට පෙර සින්ක් එක මිලදී ගෙන ඒ අනුව නිර්මාණය කර ගැනීම වඩාත් වැදගත් වේ.
අවන්
යට කොටස අවන් එකද උඩ ලිප් හතරක් සහිත උදුනද සහිත Standing oven එකක් යොදා ගන්නද ඔබට පුළුවනි. එසේ නොමැතිව අවන් එක පමණක් ඔබ මිලදී ගන්නේ නම්, එය කුකර් එක යටින්ම සවිකරනා වෙනුවට. ඔබගේ ඇස් මට්ටමට සවිකර ගැනීම මගින්, කේක් හා වෙනත් කෑම ද්‍රව්‍ය barking කරගැනීමේ දි පහසුවේ. එමෙන්ම කුඩා දරුවන්ගේ රැකවරණයට ද වැදගත් වේ. බිම සිට උස කබඩ් එකක් නිර්මාණය කර ගනිමින් එයට අවන් එක යොදාගන්න ඔබටට පුළුවන්.
මයික්‍රෝ අවන්…
මයික්‍රෝ අවන් විකිරණ ශරීරයට අහිතකර යැයි සමාජය තුළ මතයක් පවතින බැවින්. ඔබ මිලදී ගැනීමේදී උසස් තත්ත්වයෙන් යුත් හොඳ වෙළඳ නාමයක් යටතේ ඇති මයික්‍රෝවේව් අවනයක් තෝරා ගැනීමට උත්සහ කරන්න. මයික්‍රෝවේ ආවනය භාවිත කිරීමේදී ද වීදුරු හෝ ඒ සඳහා උචිත භාජන පමණක් යොදා ගන්න. කිසිදු විටෙක ප්ලාස්ටික් භාජන භාවිත නොකළ යුතුය .
Box type ආකාරයේ මයික්‍රෝ අවන් උදරන Work top උඩ තැබෙන අතර එමගින් Work top එකේ වැඩ කිරීමට ඇති ඉඩකඩ ඇහිරේ. Build in ආකාරයේ මයික්‍රොවේ වූ අවන් ඇස් මට්ටමට උඩින් කබඩ් එකකට සවිකිරීම මගීන් උදරන Work top හි ඉඩ ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ඔබට පුළුවනි. විමසිට ඉහළට සාදන ලද කබඩ් එකක් මත අවන් එක තබා ඊට උඩින් මයික්‍රෝවේ අවන් එක තැබීම නිවැරදි ක්‍රමය වේ.
වොෂින් මැෂින් හා ඩිශ් වොශර් යන්ත්‍ර
සමහරුන් කැමතියි Dishwashes එක හා Washing machine යන්ත්‍රය පැන්ට්රියටම එක් කර නිර්මාණය කරගන්න. සින්ක් එක හා Dishwashes එක මෙන්ම Washing machine එක එක ළඟ පැවතීම මගීන් ජල නළ පද්ධතිය මෙන්ම අප ජලය බැහැර කරන නල පද්ධතියද ඉතාමපහසුවෙන් සකසා ගන්න පුළුවනි.
මේ පහසුකම ලබා ගැනීමට නම් ඔබ මුල සිටම සැලසුම් කළ යුතුවේ. පසුව එක් කර ගැනීමට යාමේදී ඔබ අපහසුතාවයට පත්විය හැක. Fully automatic හා Front Loading වොෂින් මැෂින් එකක් භාවිත කිරීමට සිදුවෙන අතර ඒ සඳහා යම් වැඩිපුර මුදලක් වැය වුවද එහි ඇති පහසුව මත මේ ආකාරයට නිර්මාණය කර ගැනීමට බොහෝ විට පෙළඹේ.ඔබගේ මුළුතැන් ගෙය නිර්මාණය කිරීමට පෙර නිවැරදිව සැලසුම් ගැනීම මගීන් වඩාත් පහසු හා අලංකාර මුළුතැන් ගෙයක් නිර්මාණය කර ගැනීමට ඔබට පුළුවනි.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️