අධ්‍යයන වාර්තා මගින් අතින් ලිවීම හේතුවෙන් ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ සංජානන ප්රතිලාභ වැඩිවන බව පෙන්වා දෙයි. අමතක කර තිබෙන පෑනට යළි පණ දීම ඔබ යහපත සඳහාම වේවි.
පැරණි ක්‍රමය හොඳයිලු
දේශනවලට සවන් දීමේදී ටයිප් කිරීමට වඩා අතින් සටහන් තැබීම මගින් මතකය වැඩි දියුණු කරයි. අකුරු හඳුනාගෙන මතකයට ගෙන ලිවීම තුළින් විෂය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් එමගින් ලැබෙයි. මේ විද්‍යාඥයින් දැන් පවසන දෙයයි. අතීතයේදී සාර්ථක ප්‍රතිඵල ලබා ඇත ජෙනිෆර් ඊගන්, නීල් ගයිමන් ආදී කතුවරුන් නිර්මාණශීලීත්වය උද්දීපනය කිරීම සඳහා අතින් කෙටුම්පත් කිරීම කර ඇත. එහෙත් අතින් ලිවීමේ බලපෑම් කුමක්දැයි සෙවීම සඳහා විද්‍යාඥයින්ගේ අවධානය යොමුවී ඇත්තේ මෑතකදීය. පර්යේෂකයින් එහිදී අවධානයට යොමුකර ඇත්තේ අපගේ මතකයේ ඇති අකුරුවල හැඩය පිටුවට ප්රතිනිෂ්පාදනය කිරීම සඳහා මොළයේ විවිධ පද්ධති එකමුතුව වැඩි කිරීමට බල කෙරෙන ආකාරයයි.
ටයිප් කිරීමේ සහ අකුරු ලිවීමේ වෙනස
අත් අකුරු සහ ටයිප් කිරීම යන දෙකේදීම පිටුවක වචන සෑදීම සඳහා අපගේ අත් සහ ඇඟිලි චලනය භාවිත වේ. එහෙත් අත්අකුරු ලිවීමේදී ගතික(චලනය) සහ දෘශ්‍ය යන අංශ දෙක අතර ඉතා නිවැරදි සම්බන්ධීකරණයක් අවශ්‍යය. මේ හේතුවෙන් මොළය ගැඹුරින් උත්තේජනය වන අතර ඉගෙනීමේ ක්‍රියාවලිය උසස් තත්ත්වයට පමුණුවයි. එහිදී එකවර කාර්යයන් රාශීයක් සිදුකිරීමට මොළයට සිදුවන අතර පෑනක් ඇල්ලීමේදී පීඩනයක් ඇති කෙරෙන අතර ඒ සඳහා සියුම් පාලනයක්ද අවශ්‍ය වේ. සුමට ලිවීමේ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා මොළය සෑම ඇඟිල්ලක්ම පෑන කෙරෙහි යොදන පීඩනය අඛණ්ඩව නිරීක්ෂණය කරයි. සෑම අකුරක්ම සෑදිය යුතුය. මතකයේ ඇති අකුරේ මානසික රූපය සමග මොළය නිකුත් කරන ප්‍රතිදානය අඛණ්ඩ සන්සන්දනයක යෙදෙයි. හැඩයන් නිවැරදි කිරීම සහතික කිරීම සඳහා මනස මෙහෙයවයි. මෙය සංජානන ක්‍රියාවලිය සක්‍රිය කරයි.
ටයිප් කිරීමේදී කුමක් සිදුවන්නේද?
මෙහිදී අකුරු ලිවීම මෙන් නොව සරල සහ වඩා ඒකාකාරී ඇඟිලි චලනයන් ඇතුළත් වේ. ටයිප් කිරීමේදී පුරුද්දට නියම අකුර වෙත ඇඟිලි යොමුවනවා හැරුණුකොට අකුරුවල නිවැරදි හැඩය සොයා ගැනීම සඳහා මොළය සක්‍රිය නොවේ. අකුරුවල හැඩ හඳුනා ගැනීමක් නොමැති නිසා මෙහිදී සංජානන ක්‍රියාවලියක් සිදුනොවේ. ඉගෙන ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා ඉන් කිසිදු මෙහෙයක් ඉටු නොවෙයි.
www.npr.org ඇසුරිනි
සුනිල් අල්ගම ✍️