එක…
ආචාර්ය මහගම සේකර (බී.ඒ ගෞරව (ලන්ඩන්), එම්.ඒ (විද්‍යෝදය) පී.එච්.ඩී (විද්‍යෝදය – ලංකා) කුසලතා පරිපූර්ණ නිර්මාණාත්මක ලේඛකයෙක් වෙච්චි සේකරයන් සිංහල පුහුණු ගුරුවරයෙකු ලෙස වේයන්ගොඩ ගුරු විදුහලෙන් නික්මිලා ඉන්න අතරේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙලා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නවා. අසමාන උත්සාහයකින් හෙබි නිහතමානී මනුෂ්‍යෙයක් උසස් අධ්‍යාපනයට යොමුවුණේ එහෙම. මොකද බොහෝ දෙනා හිතනවා
සේකරයන් නිකංම රස්සාවක් කරල, බීල, සිගරට් ගහල, දුප්පත්කමින් මැරිලා ගිය බුද්ධිමතෙක් පමණයි කියල. නැහැ ඔහු උගතෙක්. එක්දාස් නවසිය හැට ගණන්වල ඔහු ගුරු වෘත්තියෙ යෙදිලා ඉන්න අතරේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස විද්‍යෝදය (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයට බැදිලා දෙවසරක් අධ්‍යයන කටයුතුවල යෙදිලා ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නවා. ඉන්අනතුරුව ඔහු ඒම වි.වි ම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කෙටි කලක් සේවය කරනවා. ඒ අතරෙදි තමයි ඔහු ආචාර්ය උපාධිය සදහා ලියාපදිංචි වෙලා අදාළ නිබන්ධනය ලෑස්ති කරන්න සූදානම් වෙන්නෙ. එය පරිච්ඡේද පහකින් සමන්විත කෘතියක් වූ අතර එක් එක් පරිච්ඡේදය බැගින් ලියා වි.වි කමිටුවට ඉදිරිපත්කොට ඔවුන්ගේ
නිරීක්ෂණ අනුව සංශෝධිත අවසන් පිටපත සකස් කරමින් සිටියා. ඒ අතර ඔහු මහාචාර්ය තිස්ස කාරියවසම් හමුවන්න ඔහුගේ කුටියට යනවා. විද්යෝදයේ ධර්මපාල ශාලාවට ආපු සේකර තිස්සගෙ පරණ සරම් කඩමල්ලක් ඇගේ දාගෙන පිටිපස්සට ගිහින් මෙහෙම කියනවා…
මගේ පුංචි වැඩක් තියෙනවා… කියවමුද?
කියවමු…
හැබැයි රජෝ පොතක් නෙවෙයි… පොතක් වේවි පස්සෙ. මේක සැකිල්ලක්…
පී.එච්.ඩී එකේ එකද?…
ඒවා මතක් කරනන් එපා. ඒව මහ විසාල වැඩ. නිකං හිතමු එහෙමෙයි කියල!…
යම්තැනක කැපිලි කෙටිලි කොට වෙනස් කර එහි පිටපත් තුනක් සකස් කරගත් තිස්ස කාරියවසම් මහතා
ඕක සුරවීර මහත්තයටයි (මහාචාර්ය ඒ.වී සුරවීර), බලගල්ලේ මහත්තයටයි (මහාචාර්ය විමල් ජී බලගල්ලේ) පෙන්නන්න දෙන්න
ඉස්සර වෙලා…
ලැජ්ජ නැද්ද තිස්ස මගේ කෙරුවාව බලන්න කියන්න…
එහෙම කියල ඔහු පොඩි දරුවෙක් වගේ ලජ්ජාවෙන් හිනාවුණා.
ඒ වුණාට ඉතින් ඒක චාරිත්‍රයක්නෙ!…
ඉන් වසර පහකට පසු ඔහු ආචාර්ය උපාධි නිබන්ධනයේ අවසාන පරිච්ඡේදය සැකසීමට ආරම්භකරමින් සිටියේය. හැම පුස්තකාලයකටම යමින් විවිධ පොත පත සොයමින් ඇවිද්දේය. නමුත් එය ඔහුට කරගැනීමට නොහැකි විය. එසේනමුත් පශ්චාත් මරණ ආචාර්ය උපාධියක් සදහා ශ්‍රී ලංකාවේ නිබන්ධනයක් විමංසනය කරන
ප්‍රථම අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට උදාකරමින් මහගම සේකරයන් දැයෙන් නික්මුණා. පරීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුමත කළ සනාතන සභාව මේ නිබන්ධනය උදෙසා මහගම සේකරයන් වෙත දර්ශනශූරී (පී.එච්.ඩී) උපාධිය පිරිනැමීමට තීරණය කළේය.
දෙක
ඔය අපි දකින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාංඡනේ වගේ ලාංඡනයක් ඇදගන්න එවකට ඛණිජතෙල් සභාපතිවරයා, මහා කවි, චිත්රශිල්පී මහගම සේකර හමුවන්නට ගියාම එතුමා එය නිර්මාණය කරදීම ප්‍රතික්ෂේප කරා… දිගින් දිගටම කීවත් ප්‍රතික්ෂේප කරපු නිසා… අර සභාපතිවරයා මළ පැනල යන්න ගියා… ටික දවසකින් වෙනත් චිත්‍රශිල්පියෙකු ලවා මේ දැක්වෙන ලාංඡනය අන්දවාගත්ත ඔහු, නැවත සේකර වෙත ගිහින් සමච්චල් සහගතව කීවේ… මෙන්න ඔබ බෑ කියපු එක ඔබටත් වඩා හොදට අන්දවා ගත්තා කියල!…“
එවිට සේකර කීවා…
පන්දම් අල්ලන උන්ට… දුවන්න වෙන්නෙ හෙලුවෙන් තමයි…!!!
මනෝරම වීරසිංහ