අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බතල අල 4
- පාන් පිටි කප් 2
- පොල් කප් 1/2
- රස අනුව ලුණු
- චොප් කරගත් ලූනු සහ අමුමිරිස්
- වතුර
සාදාගන්නනා ආකාරය
බතල ටික කෑලි නොහිටින්න පොඩි කරගන්න. ඒකට පිටි හැර අනෙක් සියල්ලම එකතු කර හොඳින් අනාගෙන පිටි ටිකත් එකතු කරගෙන නැවත අනාගන්න. රොටි පදමට අනාගන්න අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරගන්න. කොටස් හයකට වෙන් කර බටර් හෝ පොල් තෙල් ගාගත් පිඟානක තබා තුනී කර දෙපැත්තම පුච්චගන්න.