අවශ්‍ය ද්‍රව්‍ය
- කොල පාට ඇපල්
- සුදු ලූනු
- රට ලූනු
- අමුමිරිස්
- රම්පේ කරපිංචා
- උම්බලකඩ ස්වල්පයක්
- කරදමුංගු සහ කරබුනැටි
- මිරිස් තුනපහ කුඩු
- කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට
- තෙල් මේස හැඳි 3
- කුරුඳු කැබැල්ලක්
- අබ උළුහාල් ස්වල්පයක්
- වතුර කෝප්ප 1/2
- කිරි කෝප්ප භාගයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඇපල් කාපා හොඳින් සොදාගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමාගන්න. තෙල් රත් වෙනකොට එයට අබ සහ උළුහාල් දමා ටික වේලවක් තබන්න. දැන් මෙයට කපා ගත් සුදු ලූනු එක්කර රන්වන්පාට වෙනතෙක් බැදගෙන ලූනු, කරපිංචා, රම්පා සහ අමුමිරිස් එකතු කරගන්න.
මද වේලාවක් පිස ගෙන උම්බලකඩ කුඩු සහ කරදමුංගු කරබුනැටි දමන්න. මද වේලාවක් තෙම්පරාදු කර ලිපේ ගින්දර අඩු කර මෙයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු සහ ලුණු එක් කර තෙලෙන් බැදගන්න. දැන් කපාගත් ඇපල් එකතුකර ගින්දර වැඩි කර තෙලෙන් මද වෙලාවක් පිසගන්න. මද වේලාවකට පසුව වතුර එකතු කර තවත් විනාඩි 5 ක් පමණ පිස ගන්න. අවසානයට කිරි එක් කර හොඳින් නටවා ගන්න.