අපේ රටේ විවිධ රැකියා කරන මිනිස්සු ඉන්නවා. සමහර අය රැකියා කරන්නේ තමන් ගැන වගේම අනික් අය ගැනත් හිතලා. සංජීව මෙන්ඩිස් කියන්නෙත් ඒ වගේ හිතන නව නිපැයුම්කරුවෙක්. අපේ රටේ අපතේ යන ද්‍රව්‍යවලින් රටට ආදායමක් ගේන්න හිතාගෙන තමයි ඔහු නිර්මාණ කරන්නේ. කොරෝනා කාලේ නිකම්ම ඉදල කාලේ කන්නෙ නැතිව තමන්ගේ කාලය හරි විදියට යොදාගෙන තමයි මේ අලුත් යන්ත්‍රය නිර්මාණය කරල තියෙන්නේ.
ඇයි මේ වගේ යන්ත්‍රයක් නිර්මාණය කරන්න හිතුවේ?
කොරෝනා කාලේ ලංකාවට මැෂින් ගෙන්නුවේ නැහැ. ඒ නිසා මම ඉවත දමන අපද්‍රව්‍යවලින් අලුතින් නිර්මාණය කරන්න පුළුවන් නව නිපැයුම් මොනවද කියල පොඩි රිසච් එකක් කළා. ස්ටඩි කරල අවසානයේ මම රිසච් ප්‍රපෝසල් ඉදිරිපත් කළා. කර්මාන්ත අමාත්‍යංශයට කෙසෙල් ෆයිබ ගන්න මැශින් එක හදන ව්‍යාපෘතියත් ඒ විදියට තමයි නිර්මාණය වුණේ.
නූල් වර්ග ගොඩක් තියෙනව’කෙසෙල් නුල් අලුත් දෙයක්. කෙසෙල්වලින්ම නූල් හදන්න හිතුවේ ඇයි?
කෙසෙල් කියන්නේ ලංකාවේ ඕනම ප්‍රදේශයක වැවෙන නිතර දකින්න ලැබෙන ප්‍රධාන වාණිජ බෝගයක්නේ අපේ අරටේ කෙසෙල් හෙක්ටයාර් 43000 විතර වගාකරනවා. වසරකට ටොන් 450000 පමණ කෙසෙල් ඵලදාවක් ලැබෙනවා නමුත් ඒ ප්‍රමණය මෙන් දෙගුණයකටත් වඩා කෙසෙල් කද හා අතු පරිසරයට මුදා හැරීම හා ගිනි තැබීම මගින් පරිසර විනාශයක් සිදු කරනවා. ඒ වගේම කෙසෙල් කදන් ඉවත් කරන්න ගොවියන්ට අතිරික්ක වියදමක් වැය කරන්න සිදු වෙනවා. ඒ ගැන හිතල තමයි කෙසෙල් කඳන්වලින් කෙදි ගන්න පුළුවන් මෙම යන්ත්‍රය නිර්මාණය් කළේ.
මේ යන්ත්‍රයෙන් ඊට අමතරව තියෙන වාසි මොනවද?
යන්ත්‍රය මගින් කෙසෙල් ෆයිබ වෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව දියර පොහොර, ඝණ පොහොර වෙන් කරගන්නත් පුළුවන්.
කෙසෙල් ෆයිබ විතරද යන්ත්‍රයෙන් ගන්න පුළුවන්?
නැහැ. අන්නාසි, හණ වගේ ශාකවලත් ෆයිබ මේ යන්ත්‍රයෙන් ගන්න පුළුවන්.

කෙසෙල් නූල් කියන්නේ ශක්තිමත් නූලක්ද?
කෙසෙල් නූල් කියන්නේ වතුරට ඔරොත්තු දෙන නූලක්.
සනීපාරක්ෂක තුවා හදද්දී භාවිත කරන්නේ මේ කෙසෙල් නූල්. ඒ වගේම මුදල් නෝට්ටු හදන්නත් මේ නූල් ගන්නවා.
මොනවද මේ කෙසෙල් ෆයිබර්වලින් කරන්න පුළුවන්?
මගේ යන්ත්‍රයෙන් ගන්න කෙසෙක් ෆයිබ යොදාගෙන ගොඩක් නිර්මාණ කරන අය ඉන්නවා. ඒ නිසා රැකියා අවස්ථා පවා බිහි වෙලා තියෙනවා. සනීපාරක්ෂක තුවා, හෑන්ඩ් මේඩ්, ඇඳුම් පේපර්, ලණු, පැදුරු, හෑන්ඩ්ලූම්, විසිතුරු අත්කම් නිර්මාණ වගේ විවිධ නිර්මාණ කරනවා.
ඊට අමතරව කොන්ක්‍රීට් ශක්තිමත් කරන්නත් කෙසෙල් ෆයිබර් ගන්නවා ලංකාවේ ගොඩක් ක්‍රොන්ක්‍රීට් ශක්තිමත් කරන්න තවමත් ගන්නෙ සින්තැටික්. සින්තැටික් කියන්නේ පොලි එතිලීන් පොලි ප්රොප්ලීන් වගේ ප්ලාස්ටික් කෙඳි වර්ගයක්. ඒ කෙඳි පරිසර හිතකාමී නැහැ. ඒ වගේම සින්තැටික්වලට වඩා නම්‍යශීලීව ගුණාත්මකව කොන්ක්‍රීට් ශක්තිමත් කරන්න පුළුවන් කෙසෙල් ෆයිබර් මගින්.නමුත් තවමත් ලංකාවේ කෙසෙල් ෆයිබර් කොන්ක්රීන්වලට භාවිතය අඩුවෙන් සිදු වෙන්නේ.

කෙසෙල් ෆයිබර් යන්ත්‍ර නිර්මාණය කරනවට අමතරව නිර්මාණත් කරනවද?
මම නිර්මාණය කරන්නෙ නැහැ. නමුත් මේ ෆයිබ යන්ත්‍රවලින් කෙඳි අරගෙන නිර්මාණ කරන අය ඉන්නවා. ඒ නිසා රැකියා අවස්ථා නිර්මාණය වෙලා.
බනානා ෆයිබර් කියන්නේ ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් ක්‍රමවේදයක් නේද?
ඇත්තටම මේක රටට ඩොලර් ගේන්න පුළුවන් ක්‍රමවේදයක්. කෙසෙල් ගොවීන්ට අපතේ යන කෙසෙක් කඳන්වලින් කෙඳි වෙන් කරගන්න පුළුවන් ඒ කෙඳි සත්ත්ව ආහාර විදියට යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම විවිධ නිර්මාණ කරන අයට එම නිර්මාණයන් විකිණීම මගින් ආදයම් උපයන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් ෆයිබර් මඟින් නූල් නිර්මාණය කළොත් ඇදුම් නිර්මාණය කරන්න පුළුවන්.

පිටරටින් නූල් ගෙන්වීම නතර කරල ඒ මුදල් ඉතිරි කරගන්න පුළුවන්. කෙසෙල් ෆයිබර් යොදාගෙන නිර්මාණය කළ දේශීය නිෂ්පාදන වර්ල්ඩ් මාකට් යැව්වත් රටර ලොකු ආදායමක් අපේ රටේ රබර් ෆැක්ටරි තියෙනවා.
විවිධ නිෂ්පාදනව කරනවා. ඒ වගේ හොඳ ක්ෂේත්රයක්. මේ බනානා ෆයිබර් කියන්නේ ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් කෙසෙල් ෆයිබර් මගින්. හරි විදියට යොදාගත්තොත් ඩොලර් ගේන්න හොඳ ක්රමෝපායක්
ලැබුනු සහයෝගය ගැන කිව්වොත්
ඇත්තටම උත්සාහ කැපවීමෙන් තමයි යන්ත්‍රය නිර්මාණය කළේ. සොයා බැලීම් කරල තමයි යන්ත්‍රය හැදුවේ. මාත් එක්ක වැඩ කරන අයගෙන් යන්ත්‍ර හදන්න උදව් ලැබුණා.
ආපු අහියෝග ගැන කිව්වොත්?
බාධක නම් කියල නිමකරන්න බැරිතරම් එනවා. යන්ත්‍රය ගැන ගොවියො දැනුවත් කරන්න ඇඹිලිපිටියෙ ගොවි සමිතියකට ගියා. ඒ සමිතියකට ගිහින් දැනුවත් කිරීම් කරද්දී අවසරයක් අරන් කරන දැනුවත් කිරීමක් නෙවෙයි කියල ඉහළ නිළධාරින්ගෙන් බාධක ආවා ඒ වගේම කොරෝනා කාලේ තමයි යන්ත්‍ර නිර්මාණය කළේ. ඒ නිසා බැංකුවලින් මුදල් ගන්න විදියක් තිබ්බේ බෑ. ණය ගන්න අමාරු කාලයක්. මේ අභියෝග මැද්දෙන් තමයි මේ ගමන ආවේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
දැනට මැශින් ඕඩර්ස්වලට ලබා දෙනවා තව දුරටත් යන්ත්‍ර නිර්මාණය කීරිම සිදු කරමින් මේ පිළිබඳව තවදුරත් ගොවීන් දැනුවත් කරන්න හිතාගෙන ඉන්නවා.
පවනි දිලේකා ✍️