වාස්තුවෙන් කියන අලුත්ම කතාව
අප ජීවත් වන ස්ථානය තුළ සජීවී භාවයත් නිදහස් භාවයත් නිර්මාණය කරගැනීමට සහ එම ගුණයන් කළමනාකරණය කර ගැනීම මෙන්ම එය පවත්වාගෙන යාම පිළිබඳව ඉතාම සාර්ථක සහ ප්‍රථිඵලදායක ක්‍රමවේදයන් වාස්තු ශාස්ත්‍රය තුළදී මනාවට පෙන්වා දී ඇත. මෙහිදී නිවැරදි ආකාරයට දිශාගතව ගෘහ අංග පිහිටුවිය යුතු අතර එහිදි නිවසක නිදන කාමර විශේෂ ස්ථානයක් ගනී.
නිවසක නිදන කාමරය යනු නිවසක වඩාත්ම නිදහස් භාවයක් ඇති සුන්දර අභය භූමියක් වැනි ස්ථානයක් විය යුතුය.මෙහිදී නිදන කාමරය සුදුසු දිශා අනුව සැලසුම් කිරීම මෙන්ම එහි අභ්‍යන්තර ගෘහ භාණ්ඩද වාස්තු ශාස්ත්‍ර සිද්දාන්ත අනුව සැලසුම් කර ගැනීම වඩාත්ම සුදුසුය.සාමාන්‍යයෙන් නිවසක ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට සැලසුම් වීම ඉතාම සුදුසුය. මෙම කාමරය රැකියාවන් කරන තරුණ අය සඳහා වඩාත් සුදුසුය. නමුත් ඊසාන දිශාව ප්‍රධාන නිදන කාමරය සඳහා සුදුසු නොවන බවද පෙන්වා දිය යුතු නමුත් මෙම ඊසාන දිශාව තුළ ළමා හෝ වැඩිහිටි කාමර සැලසුම් කිරීම සුදුසුය. සමස්ථ නිවසට අනුව නිවැරදි ලෙස කාමර දිශාගතව සැලසුම් කිරීම පමණක් නොව එහි අභ්‍යන්තර සැලසුම් කිරීමද වාස්තු ශාස්ත්‍රයට ගැළපෙන පරිදි සැලසුම් කර ගත යුතුය.
නිදන කාමරයක ඇති ප්‍රධානම ගෘහ භාණ්ඩය වශයෙන් නිදන ඇඳ පෙන්වා දිය හැකි මෙන්ම එය නිර්මාණය කර ගැනීම සහ ස්ථානගත කිරීම නිසියාකාරව කළ යුතුය. සාමාන්‍යයෙන් නිදන ඇඳක් නිර්මාණය කිරීමේදී යම් යම් තාක්ෂණික වශයෙන් වෙනස් කිරීම්වලට ලක් නොකළ සාමාන්‍ය දැවයෙන් කිර්මාණය කළ ඇඳක් විය යුතුය. එමෙන්ම සම්පූර්ණයෙන් යකඩ යොදා නිර්මාණය කළ ඇඳන් භාවිත කිරීමද නොකළ යුතුය. බුද්ධ දේශනා තුළද වේවැල් ඇඳන් භාවිත කිරිම සුදුසු බව නිර්දේශ කර ඇත. එමෙන්ම නිදන ඇඳක දිග සහ පළල සමාන නොවිය යුතු අතර එය සෘජුකෝණාස්‍ර හැඩයක් ගත යුතුය. තවද නිඳන ඇඳ යට හිස් අවකාශයක් තිබිය යුතුය.
නිදන ඇඳ යට අනවශ්‍ය බඩු බාහිරාදිය පුරවා ගැනීම මානසික නිදහස නැති වීමටත් හේතුවකි. සාමාන්‍යයෙන් නිදන ඇඳ කාමරය තුළ සැලසුම් කිරීමේදී එය අදාල කාමරයේ නිරිත දිශාව තුළ සැලසුම් කිරීම වඩාත් සුදුසු වන අතර එය අදාල කාමරයේ හරි මැද තොතැබිය යුතුය. එමෙන්ම නිදන ඇඳ ස්ථානගත කිරීමේදී එය කාමරයේ බිත්තිවල නොගැටෙන ලෙස තැබිය යුතුය. මෙම කරුණ පිළිබඳව බුද්ධ දේශනා තුලද දක්වා ඇත. ආරාම සතු දේපළ පිළිබඳව බැලීමේදී ඇඳ පුටු ආදිය බිත්තිවල නොගැටෙන පරිදි තිබිය යුතු බව බුද්ධ දේශනා තුලද සඳහන්ව පවතී.
කැඩපත :- නිදන කාමරය තුල කැඩපතක් තිබේනම් එය සෘජුවම ඇඳ පෙනෙන ලෙස නොතැබිය යුතුය. මෙමඟින් ශක්තිය අසමතුලිත වන බැවින් පුද්ගල නොසන්සුන්තාවයන් ඇතිවීමටද හැකිය. මෙය ප්‍රායෝගිකව වෙනස් කළ නොහැකි අවස්ථාවක නම් තිර රෙද්දක් යොදා කැඩපත වැසෙන ලෙස ආවරණය කර ගැනීම සරල මෙන්ම සාර්ථක ක්රමවේදයකි. තවද නිදන කාමරය තුල ඇති තිර රෙදි, ඇඳ ඇතිරිලි ආදිය ලා පැහැති වර්ණ තිබීම වඩාත් සුදුසුය.
එමෙන්ම කාමරය වර්ණ ගැන්වීමේදී ලා පැහැති වර්ණයන් භාවිත කිරීම ඉතාම සුදුසුය. එමෙන්ම සැහැල්ලු මනසක් ඇති කරවන චිත්‍ර සහ රූප පමණක් නිදන කාමරය තුළ තිබිය යුතුය. ප්‍රචණ්ඩකාරී වන සතුන්ගේ රූප සහ භාණ්ඩ නිදන කාමරයක තිබීම නුසුදුසුය. මේ පිළිබඳව බුද්ධ දේශනාවන් තුළ මනාවට සඳහන් කර ඇත. එකළ දිනක භික්ෂූන් වහන්සේලාට පූජා කළ භාණ්ඩ අතරින් සිංහ- ව්යාඝ්ර ආදි සත්ව රූප ඇති භාණ්ඩ වල එම රූප ඉවත් කර භාවිත කර ඇත.
එමෙන්ම නිදන කාමරය තුළ නිදා ගැනීමේදී ද හිස දැමිය යුතු සුබ සහ අසුබ දිශාවන් මෙහිදී පෙන්වා දී ඇත. නින්ද පිළිබඳව බුදු දහමෙහි තෘප්ත රහිත සේවනයන්ගෙන් එකක් ලෙස දක්වා ඇත. එමෙන්ම එය අධික අශාවක් දක්වන ක්‍රියාවකි. ශරීරයේ සහ මානසික නිරෝගිකමට අවශ්‍ය නින්ද ලබාගත යුතු ආකාරය පිළිබඳව වාස්තු ශාස්ත්‍රය තුල හොඳින් පෙන්වා දී ඇත. මෙහිදී පෙර සඳහන් කළ පරිදි නිදා ගැනිමේදී හිස හැරවිය යුතු දිශාව ප්‍රධානය.
දකුණු දිශාව :-මෙම දිශාවට හිස හරවා නිදා ගැනීම ධනය, සතුට සහ ධනාත්මක බව ලබා ගැනීම සමඟ සම්බන්ධ වේ. වාස්තු ශාස්ත්‍රයට අනුව නින්දේදී හිස හැරවීම සඳහා සුදුසුම දිශාව වේ. එමෙන්ම තම නිවසින් පිටත සිටින අවස්ථාවන්හි මෙම දිශාවට හිස හරවා නිදා ගැනිම ඉතාම සුදුසුය.
නැගෙනහිර දිශාව :-සූර්ය උදාවන දිශාව බැවින් මෙම දිශාවද නිදා ගැනීමේදී හිස හැරවීමට සුදුසුය. තවද මතක ශක්තිය වැඩි දියුණු කරන මෙම දිශාව පාසල් ළමුන් සඳහා ද වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම සෑම කල්හි සැප සම්පත් ලාබ ඇති වන බව වාස්තු ශාස්ත්‍රය තුළ පැවසේ.
බටහිර දිශාව :-නැගෙනහිර සහ දකුණු යන දිශාවන් මෙන් සුබ නොවුනද ව්‍යාපාර සහ රැකියාවේ දියුණුවට උපාකාරී වේ. තවද තම නිවසින් පිටතදීද ඉතාම සුදුසු වන අතර මෙම දිශාවට හිස ලා නිදා ගැනීම මඟින් බලවත් සිතුවිලි හටගනී.
උතුරු දිශාව :-කිසිවිටත් නිදා ගැනීමේදී හිස දැමීම සුදුසු නොවේ. චුම්බක ශක්තිය හේතුවෙන් විවිධ රෝග සෑදේ. හිස දැමීමට නුසුදුසුය. එමෙන්ම නිදන කාමරය තුළ මෘදු සංවේදී සුව`ක් තිබීමද පිළිවල සහ අලංකාරය තිබීම ද ඉතාම සුදුසු වන අතර මෘදු ආලෝකයක් තිබීමද ඉතාම සුදුසුය. මෙය ශාරිරික මෙන්ම මානසික විවේකයටද මඟ පාදයි.මෙවැනි කරුණු නිඳන කාමරයක් තුළ නිර්මාණය කිරිම සහ සැලසුම් කිරිම මඟින් සුන්දර මෙන්ම අභය භූමියක් වැනි නිදන කාමරයක් ලබා ගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු
වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
Aloka Homes vasthu FB Page
අර්චිත ඉඳුවර ✍️