වචන යොදා සෑදූ ගීතයකින් මතක තබා ගැනීම වැනි නිර්මාණශීලී උපක්‍රම මගින් මතක ශක්තිය වැඩි කරගත හැකියි. දිගු සටහනක් කියවනවාට වඩා දීර්ගකාලීන මතකයක් ඒ තුළින් ලැබිමට හැකි වෙනවා. මේ ක්‍රමවේද ජීවිතයට එකතු කර ගැනීමෙන් වඩා තියුණු මතක ශක්තියක් ඇති කරගන්න ඔයාටත් පුළුවන්.
අපේ වයස වැඩි වෙනකොට මොළයේ වර්ධනයත් වැඩි වෙනවා. ඒ නිසා මතක ශක්තිය පුංචි කාලේට වඩා දියුණු වෙනවා.මේ මතක ශක්තිය තියුණු කරගැනීමෙන් අපේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු හරි පහසුවෙන් කරගන්න ලොකු ශක්තියක් වෙනවා. ඉතින් අද ඔයාට කියල දෙන්නේ කොහොමද අපේ මතක ශක්තිය වැඩි කරගන්නේ කියලයි.
ඉගෙනීම දිගටම කරගෙන යන්න
හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පෙන්වා දෙන පරිදි අධ්‍යාපනය ලැබීම මානසික ක්‍රියාශීලීත්වය වැඩි දියුණු කිරීමට හේතුවක්. ඒ තුළින් මතකය වර්ධනයවීම සිදුවන බව ඔවුන් පවසනවා. මොළයට අභියෝග කරමින් ප්‍රශ්න ගැටළු විසඳීමට නව මානයන් ගවේෂණය අධ්‍යාපනය හරහා සිදු වෙනවා. ඒ නිසා නිතරම මොළය වෙහෙසීමට සිදු වෙනවා. ඒ තුළින් මතකය වර්ධනය වීම සිදු වෙනවා.
ඔබගේ සියලුම ඉන්ද්‍රියන් භාවිත කරන්න
ඔබ යමක් ඉගෙන ගැනීමේදී වැඩි ඉන්ද්‍රියන් ප්‍රමාණයක් භාවිත කරන තරමට ඔබේ මොළයේ මතකයන් රඳවා තබා ගැනීමේ හැකියාව දියුණු වෙනවා. ඔබේ මොළය භාවිතයෙන් යමක් මතක තබා ගැනීමට හොදම ක්‍රමයක් තමයි සුවඳ. නාසය මගින් ආග්‍රහණය කරන සුවඳ අපට බොහෝ කල් මතකයේ රඳා පවතිනවා.
ඔබ ගැන විශ්වාස කරන්න
ඔබට ඉකමනින් දේවල් මතක තබාගත හැකි බව නිරන්තරයෙන් විශ්වාස කරන්න. ධනාත්මකව එසේ සිතීම මතක ශක්තිය වැඩි දියුණු කිරීමට හේතුවක්.
මතක ශක්තිය වැඩි වන ක්රමෝපායන් භාවිත කරන්න
දින දර්ශන, සැලසුම්, කාල සටහන්, සිතියම්, රූප සටහන් ආදී ලෙස කරුණු ගොනු කර සටහන් පවත්වා ගැනීමෙන් මතකය දීර්ඝකාලීනව පවත්වා ගැනීමට උපකාර වේ. දිගු නෝට් එකක් මගින් සටහන් කියවනවාට වඩා සිතියම් රූප සටහන් යෙදූ සටහනක් කියවීමෙන් මතක ශක්තිය දියුණුවේ.
ඔබට දැනගැනීමට අවශ්‍ය දේ නැවත කරන්න
ඔබට දැන් ඇසූ, කියවූ හෝ සිතූ දෙයක් මතක තබා ගැනීමට අවශ්‍ය වූ විට එය ශබ්ද නගා නැවත නැවත කියවමින් ලියන්න. එමඟින් මතක ශක්තිය වැඩි දියුණුවීම සිදු වෙනවා. එය හොඳ ඉගෙනීම් ක්‍රමවේදයක්. ඔබට යමක් මතක තබා ගැනීමට අවශ්‍ය නම් දිනපතා, සතිපතා, මාසිකව කාලානුරූපීව පුනුරුච්චාරණය කිරීමෙන් මතකයන් වැඩි කාලයක් තබා ගැනීමට හැකි වෙනවා.
නිර්මාණාත්මක ක්‍රමවේදයන් යොදා ගැනීම
මතක තබා ගැනීමට නිර්මාණාත්මක ක්‍රමවේදයන් යොදා ගත හැකියි. කවියක් මාර්ගයෙන් මතක තබා ගැනීම, කෙටි
අන්තර්ජාලය ඇසුරෙන්
පවනි දිලේකා ✍️