කුසගින්න ශාරීරික සහ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම් සඳහා ආහාර ලබාගැනීම් ඉඟියක් ලබාදෙයි. එහෙත් සමහරුන් කල්පනා කරන්නේ මිනිසා ජීවත්වී සිටින්නේ ආහාර ගැනීම සඳහා බවය. මේ නිසාම දවස පුරා ඉවක් බවක් නැතිව කෑම කෑමට යොමු වීම පසුව නොයෙකුත් ශාරීරික හා මානසික ගැටලුවලට හේතු වෙයි. මේ නිසා ආහාර ගැනීම් රටාවකට අප හුරු විය යුතු අතරම ව්‍යාජ කුසගින්න යනු කුමක්දැයි හඳුනාගත යුතුය.
micronutrient deficiency ක්ෂුද්‍ර පෝෂක ඌණතාවයක්
අධ්‍යයන වාර්තා පෙන්වා දෙන ආකාරයට කිසියම් පෝෂ්‍ය පදාර්ථයක වන ඌණතාවයක් නිසා කුසගින්න හෝ අධික බර ඇතිවිය හැකිය. මැග්නීසියම් ඌණතාව නිසා නිතරම කුසගින්නක් දැනේ. චොකලට්වල මැග්නීසියම් අධීකය. චොකලට් තෘෂ්ණාවද සිරුරේ මැග්නීසියම් ඌණතාවය ඉඟිකරන්නක් විය හැකිය. ඇට වර්ග, බීජ සහ හරිත ආහාරවල මැග්නීසියම් බහුලය.
පරිවෘත්තීය ගැටලුවක්
පරිවෘත්තීය ක්‍රියා අඩපණවීම කුසගින්නට හේතුවිය හැකිය. එසේම සීනි සහ සැකසූ කාබොහයිඩ්රේට ආහාර නිතර දැනෙන කුසගින්නට හේතුවන බවද අධ්‍යයන පෙන්වා දෙයි.
විජලනය
සිරුරේ ජලය අඩුවීමද ව්‍යාජ කුසගින්නට හේතු වේ. කුසගින්නක් ඇතිවූ පමණින් ආහාර ගැනීමට ඉක්මන් නොවී ජලය වීදුරුවක් පානය කර බලන්න.
තන්තුමය ආහාර හිඟකම
කෙතරම් ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගත්තත් ආහාරවල තන්තුමය කොටස් අඩුවේ නම් කුසගින්න ඇතිවේ.
මානසික හේතුවක්ද විය හැකියි
කම්මැලි කමක්, දුකක් හෝ යමක් කල් දැමූ විට බොහෝ දෙනෙකුට කුසගිනි දැනේ. අධ්‍යයන පෙන්වා දෙන්නේ අපගේ මනෝභාවයන් අප බර සමග සෘජුවම සම්බන්ධ බවයි.
නියම කුසගින්න හඳුනාගන්න
නියම කුසගින්න හඳුනාගැනීමට උත්සාහ කිරීම තුළින් ව්‍යාජ කුසගිනි දැනීමෙන් අත්මිදිය හැකිය. එම පුරුද්ද සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට ඔබ හුරු කරනු ඇත.
සරල අත්හදා බැලීමක්
බ්රොකොලි වැනි රුචිකත්වයක් ඇති නොවන දෙයක් ආහාරයට ගෙන බලන්න. ඔබට තව තව කෑමට සිතෙයි නම් එහි අරුත වන්නේ ඔබ සිරුරට ආහාර අවශ්‍ය බවයි. එනම් එම අවස්ථාවේදී සිරුරේ නියම කුසගින්නක් ඇති බවයි. ජලය ටිකක් පානය කිරීමෙන් කුසගින්න අඩුවෙයි නම් එයද ව්‍යාජ කුසගින්නකි.
ව්‍යාජ කුසගින්නෙන් සදහට අත් මිදෙන්න නියම ආහාර රටාවකට පුරුදු වන්නේ නම් කිසිදා වරින්වර දැනෙන ව්‍යාජ කුසගින්නකට ඔබ ගොදුරු නොවනු ඇත. ප්‍රෝටීන් සහ තන්තුමය ආහාර ඔබගේ ආහාර රටාවට ඇතුළත් කරන්න.
එළවළු සහ පලා වැනි හරිත ආහාර මෙහිදී ඉතා වැදගත්ය. සීනි සහ සැකසු කාබොහයිඩ්රේට ආහාර සිදුකරන්න් ඔබ කුසගිනි නිවීමකට වඩා ව්‍යාජ කුසගිනි ඇවිලවීමකි.
https://drjohnday.com ඇසුරින්
සුනිල් අල්ගම ✍️