2024 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා දිනා ගත්තාය. මෙම තරගාවලිය ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවැත්විණි. 40 වන ලෝක විවාහක රූ රැජිණ කිරුළට දකුණු අප්‍රිකාවේ Tshego Gaelae ජයග්‍රහණය කළ අතර තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙස තේරී පත්විය. පසුගිය මාසයේ කොළඹදී පැවති මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් අවසන් මහා තරගයේදී කිරුළු පැළඳීමෙන් පසු ඉෂාදි අමන්දා ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගත්තාය.
Reading:
ඉෂාදි අමන්දා ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවැනි ස්ථානයට