අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප1
- ලෙමන් යුෂ මේස හැඳි 6
- පිටි ග්‍රෑම් 250
- සිනි ග්‍රෑම් 250
- බටර් ග්‍රෑම් 125
- බේකින් පවුඩර් තේ හැඳි 1 1/4
- බේකින් සොඩා තේ හැඳි 3/4
- වැනිලා මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
පාන්පිටි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකතුකර හතර වරක් පෙනෙරයකින් හලාගෙන හුලං වඳින්නෙ නැතිවෙන්න වහලා තියාගන්න. දැන් සීනි සහ බටර් හොඳින් බීට් කර එයට වැනිලා එකතුකරගන්න.ඊළඟට කිරි කෝප්ප එකෙන් ටිකක් එකතුකර හොඳින් කලවම් කරගන්න.
පසුව පිටිවලින් කොටසක් එකතුකර හොඳින් කලවම් කරගන්න. ඒ ආකාරයටම පිටි සහා කිරි ටික ටික එකතුකර හොඳින් කලවම් කරගන්න. සදාගත් කේක් බැටරය බටර් ගා ගත් තැටියට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 10 ක් රත් කර විනාඩි 25-30 ක් පමණ බේක් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chandima-mallawarachchi.png)