අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 180
- බේකින් පවුඩර් තේ හැඳි 1
- බටර් ග්‍රෑම් 50
- තෙල් මිලිලීටර් 60
- සීනි ග්‍රෑම් 150
- ටින් කිරි මිලිලීටර් 120
- කිරි මිලිලීටර් 180
- වැනිලා තේ හැඳි 1
- වියළි පළතුරු ග්‍රෑම් 50
සාදාගන්නා ආකාරය
සීනි සහ බටර් බීට් කර එයට තෙල් දමා බීට් කරගන්න. ටින් කිරි සහ කිරි දමා නැවත හොඳින් බීට් කරගන්න. පිටිවලට බේකින් පවුඩර් මිශ්‍රකර තුන්වරක් හලාගෙන ඒ පිටි ටික ටික මිශ්‍රණයට එකතු කර හැන්දකින් කලවම් කර වැනිලා එකතු කරගන්න. පළතුරු කැබලි ටික පිටිවලට දවටා කේක් මිශ්‍රණයට එකතු කර ප්‍රි හීට් කරගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 35-50 පමණ බේක් කර ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chandima-mallawarachchi.png)