පැරණි මත ගැන නිරන්තරයෙන් පර්යේෂණ පැවැත්වේ. අප කලකදී විශ්වාස කළ සමහර දේ පසුකාලීනව වෙනස්වන අවස්ථා ඇත.
පර්යේෂකයින් මෙසේ කියයි
Journal of the International Society of Sports Nutrition ජර්නලය මගින් සිදුකරන ලද අධ්‍යයනයකින් මේ කරුණු පෙන්වා දී ඇත.
කැෆේන් නිසා ඔබ විජලනය නොවෙයි
කෙසේ වෙතත් දිනකට කෝපි කෝප්ප 05 කට වඩා බීමේදී මුත්‍රා පිටවීම සුළු වශයෙන් වැඩිවිය හැකි බැවින් එමගින් විජලනයක් ඇතිවීම වැළැක්වීමට ජලය වැඩිපුර පානය කිරීම සුදුසුයි.
ව්‍යායාම අතරතුර කැෆේන් පානය මගින් විජලනය සිදු නොවෙයි
එසේ විජලනය ඇති වීමට දහඩිය දැමීමේ වේගය, ජානමය සාධක සහ තරල ප්‍රතිස්ථාපනය (Fluid replacement) හෙවත් මොනයම් සිද්ධියක් හෝ මත සිරුරට අහිමි වූ තරලය නැවත පිරවීමේ වෛද්‍ය පිළිවෙත අනුගමනය කිරීම, මධ්‍යස්ථ කැෆෙන් පරිභෝජනයට වඩා ව්‍යායාම අතරතුර විජලනය ඇතිවීම මිස කැෆෙන් බලපාන්නේ නැති බව පර්යේෂකයෝ පවසති.
කැෆේන් නිසා සිරුරේ බර හෝ මේද ස්කන්ධය
කැෆෙන් පරිභෝජනය නිසා බර හෝ මේද ස්කන්ධය අඩුවන පවට පවතින්නේ මිථ්‍යා මතයකි.
කැෆේන්වල බලපෑමට සිරුරේ ඉහළ කොටස සහ පහළ කොටස යනුවෙන් වෙනසක් නැහැ
වෙනසක් ඇති වන්නේ නම් ඒ එක් එක් පුද්ගලයාගේ මාංශපේෂිවල වෙනස්කම් මත පමණකි.
කැෆේන් සහ මානසික අවපීඩනය
මධ්‍යස්ථ කැෆේන් පානය මගින් මානසික අවපීඩනයට තාවකාලික සහනයක් ලැබේ. එමගින් සමස්ත මනෝභාවය වැඩි දියුණු කළ හැකිය. එහෙත් අධික ලෙස පරිභෝජනය මගින් කාංසාව නරක අතට හැරීම, නින්දට බාධා ඇතිවීම සහ අහිතකර මානසික ප්‍රතිකාරවලට යොමුවීමට සිදුවීම ඇතිවිය හැකිය.
අධික කැෆේන් පානය මරණය ළඟා කරවයි
මේ මතය නම් තාක්ෂණිකව නිවැරදිය. එහෙත් මෙය සිදුවන්නේ කැෆේන් අධි මාත්රාවලින් අඩංගු කැෆෙන් පෙති හෝ ශක්තිජනක පානයන් මගින් වන අතර එම අවස්ථා ඉතා දුර්ලභය. සාමාන්‍ය කැෆෙන් පරිභෝජනය කරන අයට බියවීමට හේතුවක් නැත.
කැෆෙන් වල බලපෑමට ලිංග භේදය බලපායිද
මේ පැරණි මතය සම්බන්ධයෙන් නම් පර්යේෂකයෝ මත දෙකක් ඉදිරිපත් කරති. ක්‍රීඩා ක්‍රියාකාරකම් කෙරෙහි කැෆේන් වල බලපෑම ලිංග භේදයකින් තොර බව පර්යේෂකයින් පවසතත් සමහර පර්යේෂකයින් පවසන්නේ එහි වැඩි වාසිය පිරිමින් සතුවන බවයි. මේ ගැන පර්යේෂණ සිදු කෙරීගෙන යයි
කැෆේන්හි ක්‍රියාකාරීත්වය හැමෝටම එක වගේද?
පර්යේෂකයින් පවසන්නේ බොහෝ දුරට සමාන බවයි. එවැනි අසමානකම් පිළිබඳ අවස්ථා ඉතා විරල බව ඔවූහු වැඩිදුරටත් පවසති.
කැෆේන් නිසා හෘදයාබාධ ඇති වේද?
කැෆෙන් පරිභෝජනය කරන මාත්‍රාව හා වාර ගණන අනුව හෘද වාහිනී අවදානමට බලපාන සාධක අතළොස්සක් ඇතත් මධ්‍යස්ථ පරිභෝජනය මගින් එවැනි අවදානමක් ඇති නොවන බව අධ්‍යයන පෙන්වා දෙයි.
කැෆේන් අස්ථි ඛනිජ නැතිවීම ප්‍රවර්ධනය කරයිද?
මෙම මාතෘකාව පිළිබඳ සාක්ෂි බෙදී ඇත. සමහර පර්යේෂණ වලට අනුව, මූලික වශයෙන් කාන්තාවන්ට බලපාන අස්ථි ඛනිජ ඝනත්වය සහ අස්ථි බිඳීමේ අවදානම සඳහා කෝපි කෝප්ප හතරකට වඩා අඩු සීමාවක් ඇති බව සමහරු පවසන අතර තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව පැවසේ.
කැෆේන් ඇබ්බැහිකාරකයක්ද?
කැෆේන් මගින් එවැනි ඇබ්බැහි වීමක් ඇතිවිය හැකි බවට සාක්ෂි ලැබී ඇතත් ස්ථිර වශයෙන් එය තහවුරු වී නොමැත. මෙය බොහෝ විට තනි පුද්ගලයින් සම්බන්ධ තොරතුරු මත රැඳී ඇති බැවින් සිද්ධියෙන් සිද්ධිය විමර්ශනය කළ යුතුව ඇත.
https://www.mindbodygreen.com ඇසුරිනි
සුනිල් අල්ගම ✍️
කැෆේන් බොන්න බයවෙන්න එපා

Leave a comment