අප කරන කුමන කටයුත්තක් වුණත් පමණ දැන කළ යුතුමයි. ඇස් රතු වෙන විහිලුවලට වඩා ඇස් රතු වෙන්න බොන එක භයානකයි. මත්වීමට කෙතරම් ලොල් වූවත් පමණ දැන පානය කිරීම ඔබට ප්‍රයෝජනවත් වේවි. සමාජයේ කැපී පෙනීමට, මානසික සුවතාවයට, දුක නිවාගැනීමට හෝ කිසියම් හේතුවක් සඳහා දැනටමත් ඔබ මත්ලෝලියකු බව ප්‍රදර්ශනය කරමින් සිටින අයකු නම් අධික ලෙස පානය කිරීමෙන් මිදීම සඳහා මෙම ලිපිය කියවන්න.
වැඩිපුර බීම
මත්පැන් පානයෙන් ඔබ ලබන සුවදායී සමාජ අත්දැකීම් වැඩිපුර මත්පැන් ගත් විට කණපිට පෙරළෙනු ඇත. මත්පැන් විසවීම හෝ සංකීර්ණ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීම එහි අතුරු ප්රතිඵලයි. අක්මාව මගින් මත්පැන් පරිවෘත්තීය ක්‍රියාවලියට යටත් කළත් එයට වරකට විශාල වශයෙන් මද්‍යසාරය බිඳ දැමීමට නොහැකි නිසා ආමාශය සහ කුඩා බඩවැලි මගින් ඉක්මනින් උරා ගන්නා වැඩිපුර මධ්‍යසාරය වේගවත්ව රුධිර ධාරාවට එක්වෙයි.
අධික මද්‍යසාරය ඔබ මධ්‍යම ස්නායු පද්ධතියට (Central nervous system) බලපෑම් සිදුකරයි. එය අවපීඩකයක් (Depressant) ලෙස කටයුතු කරමින් ඔබගේ කතාව, ඉරියව් චලනය සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මන්දගාමී කරයි. තවද, එක් එක් පුද්ගලයින්ට විවිධ ප්‍රමාණයෙන් දරාගත හැකි වූවත් සම්මත වශයෙන් කුඩා මත්පැන් ප්‍රමාණයක්, බියර් පයින්ට් භාගයක් හෝ වයින් වීදුරුවකින් තුනෙන් එකක ප්‍රමාණයක් සිරුරට උරා නොගෙන අක්මාව සිදුකරන පරිවෘත්තීය කාර්යයට යටත්වේ.
අවදානම් සාධක
තරුණයින්ද, ගැහැණුන්ට වඩා පිරිමින්ද, බොහෝ විට පමණ ඉක්මවා මත්පැන් පානය කෙරෙහි යොමුවිය හැකිය. එසේම එකම මත්පැන් ප්‍රමාණයක් පානය කළත්, උස මහත සිරුරක් ඇති පුද්ගලයා මෙන් නොව කුඩා සිරුරක් ඇති පුද්ගලයාට එය දරාගත නොහැකිය.
මත්පැන් වැඩිපුර පානයේදී ඉක්මනින් අහිතකර තත්ත්වයක් නොපෙන්වන පුද්ගලයින් හා තරඟයට මත්පැන් පානය නිසා මත්පැනට නැඹුරු වී ඇති පුද්ගලයින්ද, දියවැඩියා රෝගීන් හා වෙනත් රෝගී තත්ත්වයන් නිසා අධික මත්පැන් පානය අහිතකර පුද්ගලයින්ද, පැයක කාලයක් තුළ මත් වඩි පහකට වඩා ගන්නා කෑදර පුද්ගලයින්ද, අවදානම් සාධක අතරට ගැනෙයි. අයකු මත්පැන් සමග වෙනත් මත්ද්‍රව්‍ය පානයට යොමුවී සිටිිත් නම් මත්පැන්වල බලපෑම සිරුරට නොදැනෙන අතර එමගින්ද අධික මත්පැන් පානය කිරීමේ අවදානම වැඩිවෙයි.
වැඩිපුර බී ඇති බව දැනගන්නේ කොහොමද?
කලබල ගතිය, වමනය, සම සුදුමැලිවීම හෝ නිල් පැහැ ගැනීම, සිරුරේ උෂ්ණත්වය අඩුවීම, සිහිසුන් වීම ආදිය අධික මත්පැන් පානය නිසා ඇතිවිය හැකිය. සිරුරෙන් මත්පැන් ඉවත්කිරීම් අක්මාවේ ක්‍රියාවලිය වේගවත් මත්පැන් පානය නිසා අඩාල වෙයි. මෙසේ වැඩිපුර සිරුරට උරා ගැනෙන මත්පැන් නිසා වැඩිපුර මත්පැන් පානය කළ අයකුට හුස්ම ගැනීමේ වේගය අඩුවීම හෝ නැවතීම, හෘද ස්පන්දනය, උගුර සිරවීම, සිරුරේ උෂ්ණත්වය අඩුවීම නිසා හෘදයාබාධයක් ඇතිවීම Hypothermia), සිරුරේ සීනි මට්ටම අඩුවීම නිසා මොළයේ හදිසි විද්‍යුත් ක්රියාකාරීත්වයක් සිදුවීමෙන් ඇතිවන පාලනය කළ නොහැකි චලනයන් (Seizures) ආදී රෝග තත්වයන් ඇතිවිය හැකිය.
https://www.healthline.com ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️