ලූනු කියන්නේ ලංකාවේ අපි හැමෝම ආහාර පිසිද්දි භාවිත කරන ප්‍රධානම අමුද්‍රව්‍යයක්. මේ ලූනු යුෂ නිරෝගීබාවය පවත්වාගන්න උපකාර වෙනවා. විශේෂයෙන්ම කාන්තා අපි හැමෝම කැමතියි ශයින් ලුක් එකක් තියෙන කෙස් කළඹකට. ඒ නිසා අද වෙනකොට කොන්ඩේ දික් කරගන්න නොකරන දෙයක් නැහැ. සමහර නිෂ්පාදන ගන්න අති විශාල මුදල් පවා වැය කරනවා. ඉතින් ගෙදර අපි භාවිත කරන ලූනු ගෙඩියෙන් ඔය ාගේ කෙස් කළඹ නිරෝගී කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිස ලූනු ඩ්‍රින්ක් එකක් හදාගන්න කාලය වැය කළත් පාඩුවක් නම් වෙන්නෙ නැහැ…
හිසකෙස්වල වර්ධනය වේගවත් කිරීමට…
ලූනු යුෂවල සල්ෆර් බහුලයි. ඔයා පොඩි කාලයක් වැය කරල ලූනුවලින් ඩ්‍රින්ක් එකක් හදාගෙන බිව්වොත් හිස්කබලේ රුධිර සංසරණය ක්‍රමවත් කර කේශ කලාපය වර්ධනය කරගන්න හැකියාවක් තියෙනවා.
හිසකෙස් ගැලවීම අඩු කිරීමට
ලූනුවල පවතින සල්ෆර් අන්තර්ගතය තුළින් හිසකෙස් ශක්තිමත් කරන්න කැඩී යාම අඩු කරන්න පුළුවන්. ඔයාට තුනීබව අඩු ශක්තිමත් කෙස් කළඹක් ඕන නම් අද ඉදන් ලූනු ඩි්රන්ක් එකක් හදාගෙන බොන්න අමතක කරන්න එපා.
හිසේ කැක්කුම අඩු කිරීමට
ලූනුවලට ක්ෂුද්‍ර ජීවිනාශක ගුණ පවතිනවා ඒ නිසා හිස්කබලේ ආසාදන හිසේ කැක්කුම සුව කරන්න පුළුවන්. ඔයාට නිරෝගී හිස්කබලක් පවත්වාගන්න ලූනු යුෂ උපකාර වෙනවා.
හිසකෙස්වල දිලිසෙන ශයින් බවක් ලබා ගැනීමට
ලූනු ඩින්ක් දිනපතා පානය කිරීමෙන් හිස්කෙස්වල දීප්තිමත් බාවය රැකගන්න පුළුවන්. ශයින් ලුක් එකක් තියෙන ලස්සන කේශකලාපයක් ඔයාටත් ඕන නම් ලූනු ඩ්‍රින්ක් අද ඉදන් බොන්න.
හිසකෙස් සුදුවීම අඩු කිරීමට
ලූනු යුෂවල ෆ්ලේවනොයිඩ් වගේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඒ ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කරන්න උදව් වෙනවා. ඒ තුළින් කෙස් සුදුවීම මන්දගාමී කරනවා.
හානියට පත් හිසකෙස් අලුත්වැඩියා කිරීමට
ලූනුවල පවතින පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතය තුළින් හානියට පත් වුණ හිසකෙස් නැවත වර්ධනයට උපකාර වෙනවා. ලූනු ඩ්‍රින්ක් මගින් ඔයාගේ හිස්කබල නිරෝගි වෙනවා වගේම ලස්සන කෙස් කළඹක් හිමි කර දෙනවා.
කෙස් කළඹ ශක්තිමත් කිරීමට
ලූනුවල විටමින් C වගේ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. ඒ තුළින් කෙස්වල ශක්තිය වැඩි කරන්න උපකාර වෙනවා. පාරිසරික ආතතින්ගෙන් සිදුවන හානිය අවම කිරීමත් සිදු කරනවා.
පවනි දිලේකා ✍️
ලූණු බොන්න ගුණ ගොඩයි…

Leave a comment