නිවසක් වයරින් කිරීමට ප්‍රථම නිවසේ ගෘහ භාණ්ඩ සැලැස්ම පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි. සම්පූර්ණ නිවස නිමකර පසු ගෘහ භාණ්ඩ තෝරා ගැනීම හා ස්ථාන තීරණය කිරීම සාම්ප්‍රදායිකව පවතින ක්‍රමවේදය වුණත් වඩාත් නිවැරදිව නිවසක් සැලසුම් කිරීමේදී එමගින් ඔබ අපහසුතාවයට පත්වේ. නිවසේ ගෘහභාණ්ඩ පවතින ආකාරය අනුව ඒවාට අවශ්‍ය කෘතිම ආලෝකය මෙන්ම විදුලිය ලබාගන්නා ආකාරය ගැනද අප වඩාත් සැලකිලිමත් විය යුතුය. බිත්තියේ යන බට තුලින් වයර් ගමන් කරවීම මගින් විදුලිය නිවසේ අවශ්‍ය ස්ථානවලට ලබාගන්නා බැවින් ඔබ අතින් යම් අතපසුවීමක් සිදු වුවොත් නැවත බිත්ති කැඩීමට හෝ මතුපිටින් වයර් යොදා ගනිමින් උපකරණ සඳහා විදුලිය ලබා ගැනීමට ඔබට සිදුවේ. එමගින් ඔබේ නිවසේ ඇති අලංකාරත්වය හා පිළිවෙල නැතිවී යන්නට පුළුවන්.
නිදන කාමරය
නිදන කාමරයකදී ඇදට ආසන්නයේ Bed side cupboard හි උඩ මට්ටමේ සිට අඟල් තුනක් පමණ උසකින් Switch හා Plug point සවිකිරීම සිදුවේ. ( bed sμde cupboard ) උඩ අඩි 23 ක් පමණ වේ. එනම් අඩි 26 කින් පමණ උසකින්) මෙහිදී Tow way switch ලෙස නිදන කාමරයේ දොර ළඟ කාමරයට ඇතුල් වන අවස්ථාවේදී දැල්විය හැකි පරිදි කාමරයේ විදුලි බුබුළු සඳහා Switch එකක් මෙන්ම නිදන අවස්ථාවේදී ඇඳ ආසන්නයේ එම විදුලි බුබුළු නිවා දැමීම සඳහා Switch එකක් නිර්මාණය කර ගැනීම.
■ හදිසියේ අවශ්‍යතාවයකදී නිවසේ සියලූම විදුලි බුබුළු හෝ නිවසේ අවශ්‍ය ස්ථානවල විදුලි බුබුළු කිහිපයක් හෝ එකවර දැල්විය හැකි Switch එකක් ඔබගේ ප්‍රධාන නිධන කාමරයේ ඇඳ ආසන්නයේ තිබෙන පරිදි නිර්මාණය කර ගැනීමද වඩාත් සුදුසුයි.
■ දුරකථන හා Bed site lamp සඳහා විදුලිය ලබා ගැනීමට Plug point කීපයක් මෙම උසින් සවිකිරීම ද ඔබ විසින් සිදුකළ යුතුවේ.
එමෙන්ම නිදන කාමරය සඳහා ඔබ රූපවාහිනී යන්ත්‍රයක් භාවිත කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ තබන ස්ථානය අනුව එයට අවශ්‍ය Plug point හා වෙනත් වයර් සඳහා අවශ්‍ය ස්ථානය සකස් කළ යුතුවේ.
CCTV නිවස තුළ භාවිතකරන අවස්ථාවලදී ද එය නැරඹීම සඳහා TV තිරයක් භාවිත කරන්නේ නම් ඒ සඳහා වන වයර් ඔබ අවශ්‍ය පරිදි සකසා ගත යුතුවේ.
ඔබ වායු සමීකරණයත් සවිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මේ අදාළ ස්ථානය බට යොදා සකසා ගන්න. වායු සමීකරණ යන්ත්‍රය සඳහා සුදුසු ස්ථානයක් තෝරා එයට අදාළ උසකින් Plug point එක ස්ථානගත කරන්න. එය බිත්ති මැද නොතබන්න. වායු සමීකරණ යන්ත්‍රයේ එක් පසකින් එක් පස්සකින් වන්නට තැබීම උචිත වේ. වායු සමීකරණ යන්ත්‍රය සඳහා අවශ්‍ය විට විදුලිය විසන්ධි කිරීමට හැකිවන පරිදි Two pole switch එකක් යොදාගන්න. අකුණු ඇතිවන අවස්ථාවකදී පහසුවෙන් ඔබට විදුලිය විසන්ධි කිරීමට මෙයින් හැකියාව ලැබෙයි.
විදුලි බල්බ යොදාගන්නා විටදීද විදුලි පංකාවේ තටුවල හෙවනැල්ලට හසු නොවන පරිදි සිවිලිමේ විදුලි බල්බ ස්ථානගත කරගන්න. Wall light හෝ Spot light නිදන කාමරය සඳහා යොදාගන්නට එය වඩාත් අලංකාර වෙයි.
මුළුතැන්ගේ
මෙහිදී පැන්ට්‍රියේ උඩ හා යට කබඩ් අතරට අවශ්‍ය Switch හා Plug point යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ.
අකුණු සහිත අවශ්‍යතාවකදී ශීතකරණය ක්‍රියා විරහිත කිරීම අවශ්‍ය වන Two Pole switch එකක් භාවිතා කිරීමට ඔබට පුළුවනි. එමෙන්ම පහසුවෙන් සවිකිරීමට අපහසු Build in microwave හා Oven” Coker” Cokker hood වැනි උපකරණ සඳහා Two pole switch එකක් පැන්ට්‍රි කබඩ් අතරට යොදා ගැනීම මගෙන් මුළුතැන්ගේ වැඩ කරන විට එකවර සියලූ උපකරණ සඳහා විදුලිය ලබාදීමට පහසුවෙන් ඔබට පුළුවනි.
පැන්ට්‍රියේ ටොප් කබඩ් යටට විදුලි බල්බ සවිකරීම මගින් Work top සඳහා ආලෝකය ලබා ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ ඒ සඳහා අවශ්‍ය විදුලි රැහැන්ද Switch ද ඔබ විසින් ස්ථානගත කළ යුතුයි. මුළුතැන් ගේ තුළ බහුලව විදුලි උපකරණ භාවිත කරන බැවින් අවශ්‍ය පරිදි Plug point යොදා ගැනීමට ද ඔබ මතක තබා ගත යුතුවේ.
නාන කාමරය
නාන කාමරය සඳහා Mirror light එකක් භාවිත කරන්නේ නම් අඟල් 78 පමණ උසකින් යෙදිය යුතුවේ. ඒ සඳහා වන Switch එකද ඒ ආසන්නයේ පිහිටා තිබීම වැදගත්. ඔබට Mirror එක ආසන්නයේම රැවුල කැපීමට හෝ හිස කැස් වියලා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ වලට විදුලිය ලබා Shaving switch එකක යොදා ගන්නත් පුළුවන්. ඔබ උණුසුම් වතුර හීටරයක් භාවිත කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන Plug point අවශ්‍ය ස්ථානයේදී අවශ්‍ය උසකින් තබා ගැනීමද වැදගත් වේ. Exhaust Fan එකක් යොදා ගන්නේ නම් Bathroom light එක දල්වන අවස්ථාවේදීම Exhaust fan එකද ක්‍රියාත්මක වන පරිදි එක Switch එකක යොදාගන්න පුළුවන්.
පියගැටපෙළ
පියගැටපෙළ සඳහා Two way switch එකක් භාවිත කිරීම බොහෝ දුරට දක්නට ලැබේ. පොඩි නල් ගෙන අවස්ථාවේදී විදුලි බුබුළු දල්වා පියගැට පෙළ නැගීමෙන් පසුව එය නිවා දැමීමට හැකි පරිදි මෙය නිර්මාණය වේ.
රූපවාහිනී නරඹන ස්ථාන
රූපවාහිනි තබන ස්ථානය හා ප්‍රමාණය ගැන ඔබට දළ අදහසක් මූලිකව තිබිය යුතුවේ. ඒ අනුව අවශ්‍ය වන Plug point ප්‍රමාණය අදාල උස මට්ටමට අනුව තබාගන්න ඔබට පුළුවනි. Telephone point” TV cable වැනි දෑ සඳහාද Sounds system” Buffer සඳහාද අවශ්‍ය Plug point ඔබ විසින් ලබාදිය යුතුයි.මෙම කාමරය තුළ ආලෝකය පාලනය කළ හැකි විදුලි බුබුළු නිර්මාණය කර ගැනීම මගින් නැරඹුම් කාලය තුළ වඩාත් විනෝද්ද ජනක ලෙස ගත කරන්න ඔබට අවස්ථාව ලැබේ.
Living dining area
අවශ්‍යතාව අනුව සැලකිල්ලට ගෙන Plug poInt තැබීමට ඔබට පුළුවනි. පොළොවේ සිට අඩියක පමණ උසින් Plug point එකක් තැබීම ඔබට කරන්න පුළුවනි. වැඩි විදුලියක් වැය වන Ceiling fan වෙනුවට Stand Fan ඔබට යොදා ගන්න පුළුවනි. අවශ්‍ය වූ විටදී භාවිත කිරීම සඳහා Emergency light එකක් හෝ කීපයක් ඔබට නිවසේ බිත්තියක සවිකර තබියමට හැකියාව ඇත. ඔබ නිවසට විදුලි ජනන යන්ත්‍රයක් විදුලි භාවිතකිරීමට හෝ සූර්ය බලශක්තිය මගින් විදුලිය උපදවා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිබඳවද ඔබ මූලිකව සිටිය යුතුවේ.
Work in closet හා Pantry cupboard ඇතුළත ඔබ ආලෝකමත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වයර් පොයින්ට් තබා ගැනීම වැදගත් වේ.
වෙළඳපොලේ Switch හා Plug point තෝරා ගැනීමේදී වෙළඳපොලයේ නවීන පෙනුම සහිත විවිධ මාදිලියෙන් දක්නට ලැබේ. එවැනි නවීන මාදිලියේ Switch හා Plug point ඔබ නිවසට යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ නම් ඒ පිළිබඳ තීරණයද ඔබ මුලින්ම ගතයුතුවේ. නවීන Switch හා Plug point සඳහා නිර්මාණය වන Sunbox එක සාම්ප්‍රදායික සම්බොක්ස් එකට වඩා ප්‍රමාණයෙන් විශාල Univesal sun box වේ.
සුදු කළු, සිල්ව පාට, රත්තරන් පාට, ලී පාට වැනි විවිධ ආකාරයෙන් නවමාදිලියේ Switch හා Plug point ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරා ගැනීමට ඔබට හැකියාව ඇත. එමෙන්ම Switch මගින් ආලෝකමත් වන බල්බ මොනවාද යන්න පිළිබඳවද ඔබ තුළ අදහසක් තිබිය යුතුවේ. උදාහරණයක් වශයෙන් විදුලි බුබුළු හතරක් ඇති කාමරයක. දෙකක් එකවර දැල්වීම සඳහා විදුලි බල්බ හතර සඳහාම ස්විච් දෙකක් භාවිතා කරන්න ඔබට පුළුවනි.ප්‍රධාන දොර සඳහා Smart lock එකක් භාවිත කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන වයර් පොයින්ට් එකක් තැබීමටද අමතක නොකරන්න.
ගොඩනැගිලි සැලසුම්
තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ
නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️