නිමන්ති පෝරගේ
විසේකාරී,හිරිපොද වැස්ස කියන්නේ මේ දවස්වල හැමෝම ආසාවෙන් බලන ටෙලිනාට්‍ය දෙකක්. හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ කුඩම්මගේ චරිතය නිසා මේ දවස්වල වැඩියෙන්ම බැනුම් අහන කෙනෙක් තමයි නිමන්ති පෝරගේ කියන්නේ. චරිතයට සාධාරණයක් කරන නිසා තමයි ප්‍රේක්ෂකයන්ගෙන් නිමන්තිට ඇනුම් බැනුම් ලැබෙන්නේ. ඇය රංගනයට ඇවිල්ල අවුරුදු තිහක් වුණත් අදටත් කලා ක්ෂේත්‍රයට ලොකු දායකත්වයක් ලබාදෙනවා. ඒ වගේම ඇගේ සැමියා ප්‍රභාත් ඊට නොදෙවෙනිව කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ලොකු දායකත්වයක් නිෂ්පාදනයෙන් ලබාදෙනවා. ඒ වගේම ප්‍රභාත් කියන්නේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්…
ඉතින් නිමන්ති මේ දවස්වල ජීවිතය කොහොමද?
මේ දවස්වල හිරිපොද වැස්ස, විසේකාරී කියන ටෙලිනාට්‍ය දෙක ටෙලිකාස්ට් වෙනවා. ඒ නාට්‍ය දෙකටම මම රංගන දායකත්වය ලබාදෙනවා. ඒ නාට්‍ය දෙකේ ප්‍රොඩක්ෂන් වැඩ කරන්නේ මගේ හස්බන්. නාට්‍ය දෙකක ප්‍රොඩක්ෂන් වැඩ කරනව කියන්නේ මහන්සි වෙලා වගකීමෙන් කරන්න ඕන දෙයක්. ඒ නිසා මේ කාලේ වෙනදට වැඩිය කාර්යබහුලයි.
රංගන දායක්ත්වය දුන්න ටෙලිනාට්‍ය අතරින් වැඩිම ප්‍රතිචාරයක් හිමිවුණේ මොකකටද?
මම දැන් මේ කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිහක් වෙනවා. සුදෝසුදු. කඩුපුල් මල්, මාරකය, භාර්යාවෝ, සබඳ පබලිස් වගේ ටෙලිනාට්‍ය සීයකට වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.
දැන් මම රංගන කටයුතුවලින් තරමක් ඈත්වෙලා හිටියත් මම රඟපාපු චරිත ගැන තවමත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තියෙනවා. ඒ චරිතවලට ආදරේ කරනවා. මම ටීවී කමශල් එකක් කළා නින්ජා ටීවී ගැන. දැන් අවුරුදු විසි හයක් විතර වෙලා තිබුණත් අදටත් ඒ ගැන කතා කරනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

හිරිපොද වැස්ස, විසේකාරි නාට්‍යයේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ නපුරු කුඩම්ම කෙනෙක්ගේ චරිතයක් කරන්නේ. විසේකාරි ටෙලිනාට්‍යයේ අහිංසක තනිවුණ කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරන්නේ.
එකිනෙකට පරස්පරව තමයි රඟපෑම් කරන්නේ. ඒ නිසාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චරිත දෙක එකිනෙකට වෙනස් නිසා ලැබෙන ප්‍රතිචාර වෙනස්. කුඩම්මා චරිතෙට නම්. ප්‍රේක්ෂකයන්ගේ බැනුම් අහන අවස්ථාත් තියෙනවා.
ටෙලිනාට්‍ය කලාව අතීතෙට වඩා දැන් වෙනස්.ඒක කොහොමද දැනෙන්නේ?
දැන් ටෙලිකාස්ට් වෙන මෙගා ටෙලිනාට්‍ය කොටස් විස්සකින් තිහකින් ඉවර වෙන්නෙ නැහැ. ඒ නිසා ලොකු තරගයක් තියෙනවා. මෙගා කිව්ව ගමන් බාල විදියට දකිනවා බහුතරයක්. ඒත් මෙගා ටෙලිනාට්‍යයක් වුණත් හොද ගුණාත්මක විදියට ප්‍රඩක්ෂන් කරන්න පුළුවන්. ප්‍රඩක්ෂන් එකේ කැපවීම මහන්සිය වගේම නළු නිළියන්ගේ සහයෝගය තියෙන්න ඕන.
හොඳ ටීම් වර්ක් එකක් තියෙනවා නම් ලස්සන ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. කොටස් ගණන වැඩි වුණත්. ඒ කාලේ අද වගේ දිගට කතාව ගියේ නැහැ. කොටස් කිහිපයයි ගියේ. ටෙලිනාට්‍ය තිබුණෙත් පොඩි ප්‍රමාණයක්.
ඒ නිසා ලොකු තරගයක් නැහැ. රඟපෑම් කටයුතු කරන්නත් හිටියේ සීමිත නළු නිළියෝ පිරිසයි. ඒ නිසාම රංගනය කළ නළු නිළියන් අදටත් ප්‍රේක්ෂකයන්ට මතකයි.
රඟපාන්න සුදුසු ටෙලිනාට්‍යයක් තෝරගන්නේ කොහොමද?
මේ වෙද්දී දරුවන්ගේ වැඩයි, ගෙදර වැඩයි එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා හස්බන්ගේ ප්‍රොඩක්ෂන්වලට විතරයි සම්බන්ධ වෙන්නේ. මොන චරිතය බාරගත්තත් මට කරන්න පුළුවන් නම් විතරයි බාරගන්නේ. මේන් රෝල් එකක් වෙන්නම ඕන කියල හිතන්නේ නැහැ. චරිතය ඇතුළේ මට උපරිමය කරන්න පුළුවන් කියල ස්ක්‍රිප්ට් එක කියෙව්වම හිතෙනව නම් මම ඒ චරිතය බාරගන්නවා.
කොහොමද හස්බන්ඩ්ව හම්බවුණේ?
හස්බන්ව හම්බවුණේ සබඳ පබිලිස් ටෙලිනාට්‍යයේ රඟපාන්න යද්දී. හස්බන් ඒ කාලේ කැමරමන් කෙනෙක්. කෙනෙක් හම්බෙද්දි මැරි කරන්න බලාගෙනම යාළුවෙන්නෙ නැහැනේ. ඒත් මම එෆෙයා එක පටන් ගත්තේ මැරි කරනව නම් යාළු වෙනව කියන පොරොන්දුව මත.
ඒ කාලේ ගෙදරින් ප්‍රපෝසල් හොයල ඉක්මනට මැරේජ් එක ගන්න තත්ත්වයක් තිබ්බා. ඒ නිසා යාළුවුනේ ඒ විදියට. ඒ විදියට ආපු ගමනේ මේ විදියට ටෙලිනාට්‍ය ප්‍රොඩක්ෂන් කරනවා කියල ප්ලෑන් එකක් තිබ්බෙ නැහැ. ඒත් සහයෝගයෙන් ආපු ගමනක් නිසා අද ඒ දේවල් සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම හස්බන්ඩ් කාර්යබහුලයි. ප්‍රඩක්ෂන් වැඩ, ඩිරෙක්ට වැඩ නිසා ගෙදර රැඳෙන වෙලාව අඩුයි. ඒ වැඩ හොඳින් කරන්න නම් ගෙදර නිදහස තියෙන්න ඕන. නිදහස උපරිමයෙන් මම දීලා තියෙනවා. ළමයින්ගේ වැඩයි, ගෙදර වැඩයි බොහෝ දුරට බලාගන්නේ මම. මේ වෙද්දී මම කලාවෙන් 75% ක්ම අයින් වෙලා ඉන්නේ. දරුවො හස්බන්ඩ් වෙනුවෙන් ඒ කාලේ වැය කරනවා.
අදටත් ලස්සන පවුල් ජිවිතයක් ගතකරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ කැපකිරීම් එක්ක. රැකියාවයි පවුල් ජීවිතයයි දෙකම බැලන්ස් කරගන්න ඕන.
මම වැඩි කාලයක් පවුල වෙනුවෙන් වැය කරන ගමන් රංගනයත් අතහැරගන්නෙ නැතිව සහයෝගයෙන් වැඩ කරනවා. ඒ නිසාම අද වෙනකම් සතුටින් ඉන්නවා.
දුවයි පුතයි ගැන කිව්වොත්?
පුතා මවුලි මතීෂ. පුතා මේ අවුරුද්දේ ඒලේවල් කරනවා. පුතත් රඟපෑම් කටයුතු කරනවා. දුව සංසා ස්නේහා. දුවට තාම අවුරුදු 10 යි. දරුවෝ දෙන්නම තාත්තත් එක්ක හරිම එකතුයි. මොන තරම් කාර්යබහුල වුණත් හස්බන්ඩ් දරුවෝ වෙනුවෙන් කාලය වෙන් කරගන්නවා.


හස්බන්ඩ් නැති වෙලාවට දරුවන්ගේ වැඩ බලාගන්නෙ කොහොමද?
ඔව් ගොඩාක් වෙලාවට ගෙදර ඉන්නව අඩුයි. ඒ වගේම ප්‍රඩක්ෂන් එකක් කරනව කියන්නේ මනසට හිතනවට වඩා ලොකු ස්ටේරස් එකක්. අව්ව වැස්ස වගේ කාලගුණික ප්‍රශ්න, රඟපාන නළුවෙක් රූගත කරන්න ආවේ නැති වුණත් ප්‍රශ්න.
ඒ නිසා ස්ටේරස් එනවා වැඩියි. ස්ටේරස් තව වැඩි කරන්න අකමැති නිසා හස්බන්ඩ්ට ගෙදර ඇතුළෙන් උපරිම නිදහස දෙන්න මම උත්සාහ කරනවා. මම මේ ක්ෂේත්‍රය ගැන දැනගෙන අවබෝධයෙන් කටයුතු කරන නිසා හැමදේම බලාගන්න පුළුවන් වෙලා තියෙනවා.
හස්බන්ඩ් ඩිරෙක්ට කෙනෙක් වීම රඟපෑම් කටයුතුවලට කොහොමද බලපාන්නේ?
හස්බන්ඩ් ඩිරෙක්ට කෙනෙක් වීම මගේ රංගන කටයුතුවලට බලපැමක් කරන්නෙ නැහැ. ගෙදරදී මම එයාගේ වයිෆ්. ඒත් ටෙලිනාට්‍යයේ රූගත කටයුතු කරද්දී මාත් එක්ක හස්බන් වැඩ කරන්නේ ප්‍රඩියුස කෙනෙක් විදියට. මම වයිෆ් කියල විශේෂ සැලකිල්ලක් නැහැ. දුර ශූට් එකක් තිබුණත් දාපු දිනේටම යන්න වෙනවා.
දරුවන්ගේ වැඩ ගෙදර වැඩ කියල අතපසු කරගන්න බැහැ. හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ මම කරන්නේ නපුරු චරිතයක්. මිනිස්සු බනින චරිතයක්. එත් ප්‍රොඩක්ෂන් එක හස්බන්ගේ කියල චරිතය සුදු කරන්න යන්නෙ නැහැ. ඒ නිසා රාජකාරී ජීවිතේ ඇතුළේ නිළියක් විදියට තමයි මං දිහා හස්බන් බලන්නේ.
අපි නිමන්ති එක්ක වගේම ප්‍රභාත් එක්කත් කතා කරන්න අමතක කළේ නැහැ…
මේ දවස්වල කාර්යබහුල වෙලා නේද ඉන්නේ?
ඔව් හිරිපොද වැස්ස, විසේකාරී ටෙලිනාට්‍ය දෙකේ ප්‍රඩක්ෂන් වැඩ එක්ක ටිකක් කාර්යබහුල කාලයක් තමයි ගත කරන්නේ. කාර්යබහුල වුණත් ලැබෙන ප්‍රතිචාර නිසා සතුටුයි. අද වෙද්දී හිරිපොද වැස්ස, විසේකාරී කියන්නේ ලංකාවේ ජනප්‍රියතම තලයේම තියෙන ටෙලිනාට්‍ය දෙකක්. ඒ වගේ ජනප්‍රියත්වයක් ගන්න පුළුවන් වුණේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සහයෝගය සහ ආදරය නිසාමයි.
ආදරණීය බිරිඳත් විසේකාරී, හිරිපොද වැස්ස ටෙලිනාට්‍යවල රඟපෑම් කරනවා. ඒක කොහොමද දැනෙන්නේ?
ඒක වෙනසක් නැහැ. ගෙදරදී වයිෆ් වුණාට රූගත කරද්දී එයා මට නිළියක්. අනෙක් නළු නිළියො වගේම වගකීමෙන් තමන්ට ලැබුණ චරිතයට සාධාරණයක් කරන්න ඕන.
දරුවන්ගේ වැඩ කටයුතුවලට ලබා දෙන සහයෝගය?
කොච්චර කාර්යබහුල වුණත් දරුවො වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න අමතක කරන්නෙ නැහැ. මටත් වඩා වයිෆ්ගෙන් තමයි ගෙදර වැඩ ටික කෙරෙන්නේ. මගේ කාර්යබහුල බවත් එක්ක ඒදේවල් බැලන්ස් කරගන්න එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම පාන්දර හතරට ගෙදරින් ගියාම ආයේ ගෙදර එද්දී රෑ එකොළහ දොළහ වෙනවා. ඇත්තටම මට ස්ට්‍රසේ එකක් නැතිව වැඩ කරගන්න එයා ලොකු ශක්තියක්.
මොනවද දරුවො ගැන තියන බලාපොරොත්තු?
පුතා නම් රඟපෑම් කරනවා. ආලෝකෝ උදපාදී, ආකාර්ෂා කියන චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑම් කළා. මේ අවුරුද්දේ ඒ ලේවල් නිසා රඟපෑම්වලින් ඈත් වෙලා ඉන්නේ.
දුව නම් තාම පොඩියි රංගනය පැත්තෙන්ම ඉස්සරහට යන්න ඕන කියල හිතන්නෙ නැහැ. හොඳට ඉගෙන ගන්න කියල තමයි කියන්නේ. අනාගතේදී දරුවො තෝරගන්න මාවතට යන්න පිටිපස්සෙ ඉදන් දෙමව්පියෝ විදියට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා.
මොනවද ඉස්සරහට කරන්න ඉන්න අලුත් වැඩ…
චලිලිත් රත්නායක ඩිටෙක්ට කරපු අලුත් ෆිල්ම් එකක් රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊළඟ මාසේ අලුත් ටෙලිනාට්‍යයක් පටන්ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ ටෙලිනාට්‍යයේ ස්ක්‍රිප්ට් එක ලියන ගමන් තමයි ඉන්නේ.
පවනි දිලේකා ✍️