කසල කළමණාකරණය අද මුළු ලෝකයටම තියන ගැටළුවක්. මීතොටමුල්ල ප්‍රදේශයේ ජීවිත ගණනාවක් අහිමි වුණෙත් එකතු වෙලා තිබ්බ කුණු කන්දක් නිසා. ඒ නිසා කුණු කියන්නේ හරියට ප්‍රතිචක්‍රිකරණයට යොමු නොකළොත් මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේටත් බාධා කරන දෙයක්. සමහර පාරවල්වලින් යද්දී කුණු ගොඩ ගැහිල ගඳ නිසා යන්න හිතෙන්නෙත් නැහැ. මේ තත්ත්වය නැති කරල ලස්සන රටක් හදන්න පොඩි පුතෙක් තමන්ගේ කාලයෙන් කොටසක් වැය කරලා අලුත් නිර්මාණයක් හදලා. ඒ තමයි කුණු කසල එකතු කරන ඩස්පින් එකක් හැබැයි මේක අපි එදිනෙදා දකිනවා වගේ ඩස්පින් එකක් නම් නෙමෙයි. මේ ඩස්පින් එක හදන්නේ මයාන්…
මයාන් ගැන කිව්වොත්…
මගේ නම මයාන් අමින්ද. මම ඉන්නේ ඌරාපොළ. ඉස්කෝලේ යන්නේ ඌරාපොළ මධ්‍යමහා විද්‍යාලයට. ඉගෙන ගන්නේ එකොළහ වසරේ.
ඇයි මේ වගේ නව නිර්මාණයක් කරන්න හිතුවේ?
මට මේ කුණු කසළ වෙන් කරන යන්ත්‍රය හදන්න හිතුණේ අහඹු සිදුවීමක් නිසා. තාත්ත එක්ක මම ශෝ එකක් බලන්න රත්මලානේ ගියා. එහේ යද්දී මඟ ලොකු කුණු කන්දක් තිබ්බා. මාමල ගොඩක් එකතු වෙලා මැශින් ගොඩක් තියාගෙන තමයි ඒ කුණු වෙන් කළේ. ඒ විදියට වෙන් කරන්නේ කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න.
මට එවෙලෙ හිතුණා ලොකු පිරිවැයක් යන්නෙ නැතිව ලේසියෙන් මේ දේ කරන්න පුළුවන් විදියේ ක්‍රමයක් හදන්න පුළුවන් කියල. ගෙදර ආව ගමන් ඉන්ටනෙට් එකෙන්, සර්ලගෙන් මේ ගැන වැඩිදුර විස්තර හෙව්වා. ඒ විදියට තමයි කුණු වෙන් කරන්න පුළුවන් ඩස්පින් එකක් හදන්න ඕන කියන අදහස මගේ හිතට ආවේ.




මොකක්ද මේ කුණු කසල වෙන් කිරීමට හදපු ඩස්පින් එකේ ප්‍රයෝජනය?
කාලය වගේම ඉඩ ඉතුරු වෙනවා. ඒ වගේම වැය වෙන පිරිවැය අඩු කරගන්නත් පුළුවන්. දැන් කුණු කසළ වෙන් කරන්න ප්ලස්ටික්වලට වෙනම, පේපර්වලට වෙන වෙනම කසළ බදුන් තියන්න ඕන.
ඒත් මම හැදුව ඩස්පින් එකෙ පේපර්, ප්ලාස්ටික්, යකඩ සහ වෙනත් කියන විදිවලට මම වෙන් කරල තියෙන්නේ. ඒ නිසා එකම ඩස්පින් එකෙන් ස්වයංක්‍රීයව කුණු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අමුද්‍රව්‍යක් දානකොට දාන්නේ මොකක්ද කියල සිස්ටම් එක හදුන ගන්නවා. ඒක අපට සදඑ තාක්ෂණය හරහා වෙබ් එකකින් බලාගන්නත් පුළුවන්.

කොහොමද මේ නව නිර්මාණ කරන්න දැනුම ගත්තේ?
මම ඉන්ටනෙට් එකෙන් වගේම ගුරුවරුන්ගෙන් විස්තර හෙව්වා. ඊට අමතරව රොබෝටික් කෝර්ස් එකක් කළා වැඩිදුර දැනුම ගන්න.
මේ කුණුකසළ වෙන්කිරීමේ ඩස්පින් එකට ලැබුණු ජයග්‍රහණ මොනවද?
වේස්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකට නව උත්පාදනවල තරඟයක් වන සහසක් නිපැයුම් තරඟාවලියෙන් සමස්ත ලංකා තරඟ දක්වාම ගමන් කරන්න පුළුවන් වුණා. අප්‍රේල් මාසයේදී සමස්ත ලංකා ජයග්‍රහණ ලබා දෙන තරඟාවලිය පැවැත්වෙනවා. ඒකට සහහාගී වෙන්න ඉන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
මම දැනට මේ නව නිපැයුම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය අයදුම් කරල තියෙන්නේ. තවදුරටත් මේ ඩස්පින් එක වැඩිදියුණු කරන්න හිතාගෙන ඉන්නවා වේග කම්පැනිත් එක්ක එකතු වෙලා.
පවුලෙන් ලැබෙන සහයෝගය
ඔව්. මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මයි තාත්තයි දෙන්නම මට ගොඩක් උදව් කරනවා. මට කෝර්ස්වලට යන්න ඒ හැම දේකටම එයාලා උදව් කරනවා. ඒ දෙන්නම හෙවණැල්ලක් වගේ මගේ පිටිපස්සෙන් ඉන්නවා.
පවනි දිලේකා ✍️