බුදුරාජණන් වහන්සේගේ දේශනාවන්ට අනුව බුදු, පසේබුදු, මහරහත් සහ චක්‍රවර්තී යන ථූපාර්භ චතුර්පර්ශදයට අයත් භෂ්මාවශේෂ හුදී ජනයාගේ හිත සුව පිණිසත් වන්දනාව පිණිසත් ස්ථූප ලෙස ගොඩනැංවිය හැකිබව දීඝ නිකායෙහි මහා පරිනිර්වාන සූත්‍රයෙහි සඳහන් වේ. එවන් අතීතයක් ඇති ස්ථූපය වර්තමානය වනවිට බෞද්ධ ජන සමාජය තුළ වන්දනාමාන හා ගරුබුහුමන් පෙරදැරි කරගත් සුවිශේෂ පූජාර්භ වස්තුවක් බවට පත්ව ඇත. ගරු සිත් පෙරදැරිව ස්ථූප ගොඩනගන්නන්ට ත්රිවර්ග සම්පත් උපදවා ගත හැකිය.
එමෙන්ම මෙලොවදීම ලද හැකි ඵලයක් ලෙස කායික රෝග පීඩා ආදියේ මිදිය හැකිය.රන්වන් සිරුරකට හිමිකම් කිව හැකිය. ප්‍රියමනාප පුද්ගලයකු බවට පත්වේ. ප්‍රියමනාප වස්තූන් තමා කරා ළඟා වේ. අපදානයේ සඳහන් වන පරිදි එක් උවසුවෙක් ගරා වැටෙමින් පැවති චෛත්‍යයක කැඩුම් බිඳුම්වලට බදාම ගා ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් කල්ප අනූ දෙකක් අපමණ දෙව් සැප විඳ කෙලවර උතුම් අර්හත් බව ලබා ඇති බව සඳහන්ය.
එලෙස ශ්‍රී ලංකාවේ උවසු උවැසියන්ගේ වන්දනා මානය සඳහා අභිනවයෙන් නිර්මාණය වූ නෑබඩ හේන්ගොඩ ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේ මාර්තු 12 වැනිදා පෙ.ව. 9.00ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන මහා විහාර වංශික අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේගේ සුරතින් නිරාවරණය කිරීමට නියමිතය.
පානදුර වලපන ශ්‍රී සදධමෝදය පිරිවෙන් පරිවෙනාධිපති, හේන්ගොඩ ශ්‍රී බෝධිමළු විහාරාධිපති ශාස්ත්‍රපති වත්තේ ගෙදර අරියසිරි ස්වාමීන් වහන්සේගේ මූලික අනුශාසනා පරිදි මෙම උතුම් පිංකමේ ප්‍රධාන දායකත්වය දරණ පානදුර ශ්‍රී සදධමෝදය මහි විහාරීය දායක සභාවේ සභාපති අරෝෂ් ප්‍රනාන්දු සහ එම මෑනියන් අනෝමා කුරුකුලසූරිය ඇතුළු පවුලේ සියලුදෙනා විසින් පරලොව සැපත් නිමල් ප්‍රනාන්දු මහත්මාට පිං පිණිස මෙයට දායකත්වය සපයා ඇත. මෙම සුවිශේෂී අවස්ථාවට තෛනිකායික මහා සංඝරත්නය වැඩම කරන අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති, හිටපු කතා නායක කරු ජයසූරිය, ශ්‍රී ලංකා නාවික හමුදාපති කාංචන බානගොඩ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතය.
අරියසිරි නාහිමි