අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙගවාගත් මුං ඇට ග්‍රෑම් 200
- සුදු ලූනු
- ලියාගත් රතු ලූනු ගෙඩි 3
- රම්පේ හා කරපිංචා
- අමුමිරිස් කරල් 2
- මිරිස්කුඩු
- කහකුඩු
- රස අනුව ලුණු
- පොල්කිරි කෝප්ප 1
- උම්බලකඩ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පෙඟෙන්න දාගත් මුං ඇට ටික හොඳින් අඹරාගන්න. දැන් මෙයට මිරිස්කුඩු, කහකුඩු එකතු කර ලූනු, සුදු ලූනු, කරපිංචා හා ලුණු ස්වල්පයක් දමා නැවත හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේ මිශ්‍රණය අඟලක වගේ උසට හිටින්න ට්‍රේ එකකට දාලා හොඳට ස්ටීම් කරගන්න. ස්ටීම් වුණාම තරමක කෑලි කපාගන්න. තෙල් රත්වූ පෑන් එකකට ලියාගත් ලූනු, සුදු ලූනු, රම්පේ, කරපිංචා, උම්බලකඩ, මිරිස්කුඩු තේ හැඳි 1, කහකුඩු තේ හැඳි 1/4 ක් හා තුනපහකුඩු තේ හැඳි 1/2 ක් දාලා වතුර ස්වල්පයක් දමා ළිප තියන්න. වතුර නටනකොට මුං කැබලි ටික දාලා කිරි එකතු කර උතුරවගන්න. අවසානයට ලුණු එකතු කරන්න.
