අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කව්පි ග්‍රෑම් 200
- පිරිසිදු කර බැදගත් හාල්මැස්සන් ග්‍රෑම් 50
- ලියාගත් ලූනු ගෙඩි 2
- ලියාගත් අමුමිරිස් කරල් 2
- අබ තේ හැඳි 1
- කෑලිමිරිස් තේ හැඳි 2
- කරපිංචා
- රම්පේ කෑල්ලක්
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තියා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ එකතු කරගන්න. දැන් කරපිංචා, රම්පේ, අමුමිරිස්, ලූනු හා කෑලිමිරිස් ටික දාලා හොඳට කලවම් කරලා තෙම්පරාදු වෙන්න දෙන්න. ලූනු මැලවිලා හොඳට තෙම්පරාදු වූ පසු කව්පි ටිකයි බැදගත්ත හාල්මැස්සොයි එකතු කරලා කලවම් කරගන්න.
