ඉන්දියාවේ පූනේවල අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය කියන මේ කතාව අහන්න.
ගිලන්බාරේ සින්ඩෝරම් රෝග තත්වය ඇතිවීමට හේතුව ආසාදිත කුකුළු මස්ද, නොඑසේනම් දූෂිත ජලයද ගිලන්බාරේ සින්ඩෝරම් රෝග තත්ත්වය (GBS) ගැන බටහිර ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තා වුණා. පූනේ නගරයේ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය වාර්තා කරන අන්දමට මේ වනවිට ගිලන්බාරේ සින්ඩෝරම් රෝගීන් 160 ක් වාර්තා වෙනවා. ඒ අතර මරණ පහක් වාර්තා වෙනවා.
රෝග ලක්ෂණ මොනවාද…?
අත් සහ පාදවල ඇතිවන හිරිවැටීම් තත්ත්වයකින් ආරම්භ වන මේ රෝග තත්ත්වය නිසා පසුව මාංශ පේශි දුර්වලතාවය වගේම අස්ථි සහ සන්ධි චලනය කිරීමේ අපහසුතාවයන් ඇති වෙනවා. මුලින් අත් පාවලින් ඇති වෙන අපහසුතාවය සති දෙක තුනක් තුළ දැඩි වශයෙන් නරක අතට හැරෙනවා.
“කැම්ප්ලෝබැක්ටර් ජෙජුනි “නම් බැක්ටීරියාවට සම්බන්ධ වී ඇති අතර ආහාර මගින් බෝ වෙන ආසාදන රෝග තත්ත්වය සඳහාද හේතුකාරකයක් ලෙස පෙන්වා දී තිබෙනවා. 1990 වසරේ චීනයේ ග්‍රාමීය ප්‍රදේශයකින් මෙම රෝග තත්ත්වය මුලින්ම හඳුනා ගෙන තිබෙනවා. මෙහිදී “කැම්ප්ලෝබැක්ටර් ජෙජුනි “ බැක්ටීරියාව කුකුලන් අතර දක්නට ලැබුණි. සෑම මෝසම් කාලයකදීම කුකුල් මස් හෝ තාරා අපද්‍රව්‍ය ජලය දූෂණය වන අතර එහි සෙල්ලම් කරන දරුවන් ගිලන් බාරේ සින්ඩෝරම් රෝග තත්වයට ගොදුරු වුණා.
ඉන්දියාවට අලුත් දෙයක් නොවේ…
ගිලන්බාරේ සින්ඩොරම් රෝග තත්ත්වය ඉන්දියාවට අලුත් දෙයක් නොවන බව බැංගලෝරය පදනම් කර ගත් ජාතික මානසික සෞඛ්‍ය හා දස්නායු විද්‍යායතනයේ ( NIMHANS) මොනොජිට් ඩෙබ්නාත් සහ මධු නාගප්පා සඳහන් කරනවා. 2014 සිට 2019 අතර වසර පහක කාලයේදී ගිලන්බාරේ සින්ඩොරම් රෝගීන් 150 ක් පමණ වාර්තා වී තිබෙනවා.
එයින් රෝගීන් 79% ක් පමණ දෙනා ආසාදනයේ පූර්ව ලක්ෂණ පමණක් පෙන්නුම් කළා. නමුත් තුන්වැනි අදියරේ පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් කැම්පිලෝබැක්ටර් ජේජුනි බැක්ටීරියා ආසාදිතයන් බැව් තහවුරු වුණා. මේ අතර තවත් වැදගත් කරුණක් වන්නේ ඔවුන් අතරින් 65% ක්ම එක් ආසාදනයකට වඩා වැඩි සංඛ්‍යාවකට ගොදුරුව සිටියා.
2023 වසරේ පළමු මාස පහක කාලයේදී පේරු රාජ්‍යයේ එක් මරණයක්ද ඇතුලත්ව GBS රෝගීන් 200 කට වඩා වාර්තා වුණා. මෙම GBS රෝග තත්ත්වය නිසා මහජන සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට රජයට හේතු වුණ අතර ජාතික සෞඛ්‍ය අංශය මගින් හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කරන ලදී.
සනීපාරක්ෂාව අතින් දියුණු රටවල අඩු ඒ නිසා ජාතික සෞඛ්‍ය අංශය මගින් හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කරන ලදී රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ශ්වසන රෝග තත්ත්වයන්ද මේ සඳහා හේතු වෙන බැව් විශේෂඥයන් සඳහන් කරනවා. උදාහරණයක් ලෙස 2015 වසරේදී බ්‍රසිලයේ ගිලන් බාරේ සින්ඩෝරම් රෝගීන් පොකුරක් වාර්තා වුණ අතර එන්නත් මගින් කලාතුරකින් මෙම රෝගය පැතිරීමට හේතු විය හැකි බවටත් යම් සැකයක් තිබෙනවා.
2021 වසරේදී කොවිඩ් එන්නත් හරහා එක්සත් රාජධානියේ ඒ නිසා ජාතික සෞඛ්‍ය අංශය මගින් හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කරන ලදී. රෝගීන් සිය ගණනක් වාර්තා වී තිබෙනවා. මෙය හැම විටම පරිසරයේ පවතින අතර කැම්පිලෝබැක්ටර් ජේජුනි බැක්ටීරියාව රෝගීන් සිය දහස් ගණනින් වාර්තා වෙන බැව් ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යා මහාචාර්ය හියු විල්සන් සඳහන් කරනවා.
ප්‍රතිකාර නොමැති වීම…
ගිලන් බාරේ සින්ඩොරමය ශරීරයේ මෙම බැක්ටීරියාවට එරෙහිව ප්‍රතිදේහ නිපදවනු ලැබුවත්, මෙම ප්‍රතිදේහ ස්නායුවලටත් පහර දෙනවා.
වෛද්‍යවරුන් විසින් හානිකර ප්‍රතිදේහ ඉවත් කිරීම සඳහා “ ප්ලාස්මා හුවමාරු ” කරනවා. ඒ වගේම මෙම රෝග තත්ත්වය විනිශ්චය කිරීම සඳහාද විශේෂිත පරීක්ෂණ නැහැ. බොහෝ විට රෝගය හඳුනා ගැනීම සායනික ලක්ෂණ මත සිදු වෙනවා. ඒ නිසා වැරදි රෝග විනිශ්චයන්, ප්‍රමාදවීම් හෝ රෝග නිශ්චය නොවීම වැනි හේතු බලපාන්නටත් ඉඩ තිබෙන බැව් මහාචාර්ය විල්සන් සඳහන් කරනවා.
මේ නිසා සෞඛ්‍ය වෘත්තිකයන් විසින් සමාජයේ GBS රෝග තත්ත්වය පැතිරීම වලක්වා ගැනීම සඳහා උපදෙස් කීපයක් ලබා දී තිබෙනවා.
ජලය උණුකර පානය කරන්න
නැවුම් හා පිරිසිදු ආහාර අනුභව කරන්න පරණ සහ අර්ධ වශයෙන් පිසින ලද ආහාර මස් වර්ග අනුභව නොකිරීම මේ වෙන තෙක් ලැබී ඇති වාර්තාවන්ට අනුව නිසි පරිදි නොපිසූ කුකුළු මස් අනුභවය GBS රෝග තත්ත්වයට හේතුවක් යැයි අනුමාන කරනවා. ඒ වගේම කොලරාව හෝ සැල්මොනල්ලා මෙන් ජලය හරහාද පැතිරීමට පුළුවන්. නමුත් මෙම GBS රෝග තත්ත්වයට නිශ්චිත හේතුව ආසාදිත කුකුළු මස්ද, නොඑසේනම් දූෂිත ජලයද යන්න තවමත් පැහැදිලි ලෙසින් තීරණය වී නැති බව බටහිර ඉන්දියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️