අවශ්‍ය ද්‍රව්‍ය
- මට්න් ග්‍රෑම් 500
- චිලී පේස්ට් මේස හැඳි 2
- මුදවපු කිරි කෝප්ප 1/2
- ඉඟුරු සුදු ලූනු පේස්ට් මේස හැඳි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 4
- මිරිස්කුඩු තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
- කහකුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- තෙල් මේස හැඳි 2
- කරදමුංගු ඇට 2
- කුරුඳුපොතු කැබැල්ලක්
- කරාබුනැටි 3
- බේලීෆ් කොළ 1
සාදාගන්නා ආකාරය
බෝල් එකකට කපාගත් මට්න් ටික දාලා චිලී පේස්ට්, මුදවපු කිරි, ඉඟුරු, සුදු ලූනු, චොප්කරගත් අමුමිරිස්, මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු හා ලුණු දාලා පැයක් මැරිනේට් කරගන්න.
මයික්‍රොවේව් බෝල් එකකට තෙල් ටිකක් දාලා කරදමුංගු, කුරුඳුපොතු, කරාබුනැටි, බේලීෆ් කොළ දාලා ෆුල් පවර් විනාඩියක් මයික්‍රොවේව් කරගන්න. මේකට මැරිනේට් කරගත් මට්න් ටික දාලා වතුර කෝප්ප 1/2 ක් වගේ දාන්න.
කලවම් කරලා විනාඩි 30 ක් මයික්‍රොවේව් කරගන්න. කරිය හිටින්න අවශ්‍ය නම් තව වතුර කෝප්ප 1/2 ක් දාලා කලවම් කරලා තවත් විනාඩි 2 ක් වගේ මයික්‍රොවේව් කරගන්න.
