නවලිය මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් තෙවැනි වරටත් පැවැත්වෙන සියනෑ අවුරුදු කුමරා කුමරි 2025 හි අනු තරග කිහිපයක් පසුගියදා තිහාරියේ ද ලැමෙනඩි්රයා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය.එහිදී අවසන් තරගයට තේරී සිටින තරඟකරුවන් හා තරගකාරියන් විසි දෙනා හොඳම පෞරුෂය හිමි කුමරා සහ කුමරිය, හොඳම කේෂ කල්‍යාණය හිමි කුමරා සහ කුමරිය, හොඳම නිය කල්‍යාණය හිමි කුමරා සහ කුමරිය, හොඳම ඡවි කල්යාණ්ය හිමි කුමරා සහ කුමරිය, හොඳම සිනහව හිමි කුමරා සහ කුමරිය, හොඳම ඇවිදීම හිමි කුමරා සහ කුමරිය, හොඳම ශරීරය හිමි කුමරා සහ කුමරිය මෙන්ම ඔවුන්ගේ දක්ෂතා ඇගයීමේ වටයක්ද පැවැත්විය.
ගෞරවණීය විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී පැවත්වූ මෙම වට සියල්ලේම ප්‍රතිඵල අප්‍රේල් 20 වන ඉරිදා හවස නයිවල සිල්චෙස්ට හෝටලයේ පැවත්වෙන අවසන් මහ තරගයේදී ලබා දෙනු ඇත.එහි විනිශ්චය මණ්ඩලය ලෙස දමයන්ති ෆොන්සේකා, ජයංගනී දික්කුඹුර, ජැකී අපෝන්සු, ශෙහානා පෙරේරා, ලකී සුසිල්, කිරන් ඩී සොයිසා, සමන්ත ප්‍රනාන්දු, සුසිලා රත්නායක, ඉන්දු අත්තනායක, රුවන් චම්පික, සුභාෂි ජයසුන්දර, සුරංගි අත්තනායක, අනුෂා ප්‍රියංගනී, නිලන්ති දිසානායක, ශාමා දිනූ, අනූෂා කොඩිතුවක්කු, චේතනා පෙරේරා, නිරෝෂා රණසිංහ, චතුරිකා ධනංජලී, නලීන් නුගවෙල, තුෂාරි වේහැල්ල, ඩිල්ෂාන් පෙරේරා, ධනුෂ් පෙරේරා, ඉන්දික ඉරෝෂාන්, රුවන් ගුණවර්ධන යන අය සහභාගී විය.





ජායාරූප – දුමිදු දර්ශන 📷