අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලන් ග්‍රෑම් 500
- අබ මේස හැඳි 3 1/2
- සුදු විනාකිරි කෝප්ප 1/2
- ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 1/2
- සුදු ලූනු බික් 10
- ඉඟුරු අඟල් 2 ක කැබල්ලක්
- අමුමිරිස් කරල් 10
- රතු ලූනු ගෙඩි 20
- සීනී මේස හැඳි 2
- කහ 1/2 තේ හැඳි
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
අබ ඇට සුදු විනාකිරි කෝප්ප 1/2 ක පැයක් පමණ පෙගෙන්න හරින්න.පළමුවෙන් දැල්ලන් හොඳින් පිරිසිදු කර සම්පුර්ණයෙන්ම වතුර ඉවත්වෙන්න හරින්න. ලූනු සහ අමුමිරිස් සෝදා පිරිසිදු කර වතුර සම්පූර්ණයෙන්ම ඉවත්කර ගන්න.
දැන් විනාකිරිවල පෙඟවාගත් අබ හොඳින් අඹරාගන්න. එයටම සුදු ලූනු සහ ඉඟුරු එකතුකර අඹරාගන්න.
දැන් මැටි හට්ටියකට ඉතිරි ඇපල් සයිඩර් සහ විනාකිරි ටිකද අඹරාගත් මිශ්‍රණයට එකතුකර හොඳින් කලවම් කරගන්න. මෙයටම සීනී, ලුණු, ගම්මිරිස් සහ කහ එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් අඩු ගින්දරේ එම මිශ්‍රණය උතුරන්නට හැර දැල්ලන් එකතුකර විනාඩි 10 ක් පමණ මද ගින්නේ පිසගන්න. දැන් එයටම රතුලූනු සහ අමුමිරිස් එකතුකර හොඳින් විනාකිරිවල තැවරෙන්නට කලවම් කර විනාඩියකට පසු ළිප නිවා නිමුනු පසු පිරිසිදු රෙදි කෑල්ලකින් වසා පසුවදා පාවිච්චියට ගන්න.
