අවශ්‍ය ද්‍රව්‍ය
- රටඉඳි ග්‍රෑම් 250
- කපාගත් ලූනු කැබලි ග්‍රෑම් 75
- ඇට ඉවත්කරගත් මාළුමිරිස් ග්‍රෑම් 50
- කැරට් පෙති ග්‍රෑම් 100
- කපාගත් අන්නාසි ග්‍රෑම් 100
- අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 50
- සුදු ලූනු ග්‍රෑම් 50
- හකුරු ග්‍රෑම් 100
- රස අනුව ලුණු
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1
- කෑලිමිරිස් මේස හැඳි 1
- විනාකිරි ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
රටඉඳි ඇට අයින් කරලා පොඩි කෑලි හිටින්න අඹරා හකුරු ටික ගාගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදු ලූනු දාලා බැදෙනකොට රටඉඳි හා හකුරු එක්කරලා මදගින්නෙ විනාඩි 5 ක් පමණ අඩිය අල්ලන්නෙ නැතිවෙන්න හැඳිගාන්න.
එයට ගම්මිරිස්කුඩු සහ ලුණු කුඩු එකතු කරගන්න. දැන් මෙයට විනාකිරි ස්වල්පයක් ටිකක් දාලා උකු මිශ්‍රණයක් වෙන් හදාගන්න. පසුව අන්නාසි සහ කැරට් එකතුකර ඒ ටික තැම්බුණාට පස්සෙ අන්තිමට මාළුමිරිස් ටික දාලා හොඳට කලවම් කර විනාඩි 3 කින් විතර ළිපෙන් බාගන්න.
