අවශ්‍ය ද්‍රව්‍ය
- රතු ලූනු ගෙඩි 30
- අමු මිරිස් කරල් 25
- කැරට් අල 2
- ඉඟුරු කැබැල්ලක්
- අඹරා ගත් සුදු ලූනු බික් 2
- අමු ගස්ලබු ගෙඩි 1
- විනාකිරි
- විනාකිරිවලින් පොගවා අඹරාගත් අබ මේස හැඳි 3
- කහ කුඩු තේ හැඳි 1/4
- සීනි තේ හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
රතු ලූනුවල පොතු හැර සෝදාගන්න. පසුව වතුර බේරලා, කිචන් ටවල් එකකින් ගෙඩි ටික හොඳින් පිහදාන්න. අමු මිරිස් ටිකත් සෝදලා හොඳින් පිසදා මිරිස් කරල්වල මැදින් පිහියෙන් පොඩි පැල්මක් දාගන්න. කැරට් සහ අමු ගස්ලබුවල පොතු හැර සෝදා සිහින් තීරු කපා ඒ ටිකත් තෙත හිදෙන්න හරින්න.
බේසමක් ගෙන එයට රතු ලූනු, මිරිස්, ගස්ලබ සහ කැරට් එකතු කර එයට ඉහත සියලු ද්‍රව්‍ය එක්කර විනාකිරි දමමින් හොඳින් කලවම් කරගන්න. දැන් හොඳට ඉඩකඩ තියෙන ඒ වගේම හොඳට පදම් උන මැටි ඇතිලියක් අරගෙන එයට මිශ්රකරගත් අච්චාරු මිශ්‍රණය දමා අච්චරුවල උසටම හෝ මදක් අඩුවෙන් විනාකිරි දමා පිරිසිදු රෙදි කඩකින් මුට්ටියේ කට වැහෙන්න තදින් බැද දින 4 ක් පමණ තබා කෑමට ගන්න.
