හිසතෙල් ගා ස්නනාය කරන තෙක් අවුරුදු සිරියෙන් ජීවිතය ගත කිරීම සිදු වෙනවා. අදාල නැකත අනුව හිසට සහ පයට තබන ශාඛ පත්‍ර නියම වෙනවා. තෙල් හිස ගල්වන්නේ “ එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා... කියන ආශිර්වාදය සමගයි. ආයුර්වේද චිකිත්සාවේ දැක්වෙන අන්දමට හිස තෙල් ගැල්වීම නිසා අරමුණු දෙකක් ඉෂ්ට වෙනවා.
නිරෝගි අයගේ නිරෝගිබව වැඩි වෙනවා ඒ වගේම රෝගින්ගේ රෝගි බව නැති වෙනවා. මේ නිසා සංස්කෘතික උත්සවයක් ලෙසින් සිංහල අලුත් අවුරුද්ද සමග හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉතාම සුවිශේෂී චාරිත්‍රයක් ලෙසින් ඇගයීමට පාත්‍ර වෙනවා.පැරණි පුස්කොල පොතක සඳහන් අන්දමට නානු පිලියෙල කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය මේ විදිහට පෙන්වා තිබෙනවා.
කලාඳුරු අල, සස්සඳ මුල්, කුංකුමප්පු, ගෝරෝචන, විෂ්ණුක්‍රාන්ති, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවන්දරා මුල්, ගොඩ මානෙල්, බෙලි මුල්, වෙනිවැල්. මේවා සම සමව ගෙන අලුත් මුට්ටියක පත අට දෙකට සිඳවා ගන්නවා. තෙල් වෙනුවෙන් භාවිත කරන්නේ මී, අබ, කොහොඹ, එඬරු, වැනි තෛල වර්ගයි.
අදාල නැකත අනුව හිසට සහ පයට තබන ශාඛ පත්‍ර නියම වෙනවා. තෙල් හිස ගල්වන්නේ “ එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා. කියන ආශිර්වාදය සමගයි.
ආයුර්වේද චිකිත්සාවේ දැක්වෙන අන්දමට හිස තෙල් ගැල්වීම නිසා අරමුණු දෙකක් ඉෂ්ට වෙනවා. නිරෝගි අයගේ නිරෝගිබව වැඩි වෙනවා. ඒ වගේම රෝගින්ගේ රෝගි බව නැති වෙනවා. මේ නිසා සංස්කෘතික උත්සවයක් ලෙසින් සිංහල අලුත් අවුරුද්ද සමග හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉතාම සුවිශේෂී චාරිත්‍රයක් ලෙසින් ඇගයීමට පාත්‍ර වෙනවා.
ධර්මපාඨශාලාචාර්ය
විචිත්‍ර ධර්ම කථික
පූජ්‍ය සෙවනගල
සුමංගල විහාරාධිපති
ස්ථවිර ගැමුණු සෑය
ශ්‍රි මහ විහාරය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️