අලුත් අවුරුද්ද සමග ලබන්නාවූ නව වසර සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් ඉතිරීම හැම දෙනාගේම අපේක්ෂාව වෙනවා. ඒ වෙනුවෙන් වාසනාවේ සංකේත ලෙස සැලකෙන වස්තුන් ස්පර්ශ කරනවා. කිරි, වතුර, ගින්දර සශ්‍රිකත්වයේ සංකේත ලෙස සලකනු ලබනවා. අපේ ජන සමාජය සග, ගුරු, ගොවි, වෙද, කම්කරු යන පංචමහ බලවේගයන්ගෙන් සමන්විතයි. ඒ අනුව ගිහි අප පමණක් නොව සංඝයාවහන්සේලාද අවුරුදු චාරිත්‍ර අනුගමනය කරනු ලබනවා. සිංහල අලුත් අවුරුදු නැකැත් උදාව සමග ලිප ගිනි මොළවා කිරි ඉතිරවීමෙන් පසුව එළැඹෙන්නේ වැඩ ඇල්ලීම, ගණු දෙණු කිරීම සහ ආහාර අනුභව කිරීමයි. මෙම නැකත් වේලාව තුළ කටයුතු කිහිපයක් සිදු වෙනවා.
ගනුදෙණු කිරීම…
ගණුදෙණු කිරීමේ නැකැත් වේලාවට කාසියක් බුලත් අතක තබා ගෘහමූලිකයා විසින් පවුලේ අයට පිරිනමනවා. එය දෝතින් ගන්නා බිරිඳ යම් මුදලක් පිරිනමනවා. මේ අන්දමින් ගණුදෙණු කරන වේලාවට දරුවන්ටත් කාසියක් ලබා දීම සිදු වෙනවා. දරුවන් මවට සහ පියාට දණ ගසා වැඳීම සිදු වෙනවා. මහගෙදරින් පිට සිටින දුවා දරුවන්ද තම පියාගෙන් ගණුදෙණු කිරීමට නිවසට පැමිණෙන අතර ගණුදෙණු කිරීමෙන් පසුව මව්පියන්ට තෑගි බෝග ලබා දී දණ ගසා වඳිනවා.
ළිඳ අලෙවි කිරීම.
සිංහල ජන ජීවිතයේ වතුර සුබ නිමිත්තක්. එමෙන්ම තමන්ගේ සා පිපාසාවට පැන් ලබා දෙන ජල මූලාශ්‍ර වෙනුවෙන් කෘතගුණ දැක්වීමත් මෙහි තවත් අරමුණක් ලෙස දැක්විය හැක. දිය ගෙන එන්නට යන විට අගුරු කැබැල්ලක්, තඹ කාසියක්, පිච්චමල් කීපයක් රැනෙ යන අතර ඒවා ළිඳට දමා දිය බොර නොකොට පැන් කළයක් පුරවා ගනි.
නළ ජලය සමඟ ගනුදෙණු කිරීම
අද බොහෝ නිවෙස්වලට ජලය ලබා ගැනීම සඳහා ළිං හෝ වෙනත් ජල මූලාශ්‍රයක් නැහැ. බොහෝ නිවෙස් අද නල ජලය පරිභෝජනය කරන බැවින් මෙම සිරිත කිරීමේ අපහසුවක් තිබෙනවා. නමුත් ඒ වෙනුවට අදාල නැකැත් වේලාවේදී පිරිසිදු බෝතලයකට ලබා ගන්නා ජලය හොඳින් වසා තබා ගනී. ඊළඟ වසරේ එළැඹෙන ගණුදෙණු කිරීමේදී මේ ජලය වෙනුවට අළුත් බෝතලයක් පරවා ගන්නවා. වතුර බෝතලය හිස් නොවී තිබීම සුබ ලකුණක් ලෙසින් සැලකෙනවා.
ධර්මපාඨශාලාචාර්ය
විචිත්‍ර ධර්ම කථික
පූජ්‍ය සෙවනගල සුමංගල විහාරාධිපති
ස්ථවිර ගැමුණු සෑය
ශ්‍රි මහ විහාරය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️