පසුගිය වසරේ රූපවාහිනි නාලිකාවල විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් 21 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල පසුගිය මාර්තු 29 වෙනිදා රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදි නිමාවිය. එහිදී නිර්දේෂිත නාම අතරින් සම්මානලාභීන් සම්මාන ලැබීය. ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන, ප්රණාම සම්මාන යටතේ කලාකරුවන් රැසක් සම්මාන වලින් හා මුදල් ත්‍යාගවලින් පිදුම් ලැබීය. වසරේ දක්ෂතම ටෙලිනාට්‍ය නිළිය තරින්දි ප්‍රනාන්දු සහ වසරේ දක්ෂතම නළුවා ප්‍රියන්ත සිරිකුමාර සහ වසරේ ජනප්‍රියම නිළිය දිනක්ෂි ප්‍රියසාද් සහ වසරේ ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්න සහ වසරේ ජනගත නිළිය ලෙස මිෂෙල් දිල්හාරාත් වසරේ ජනගත නළුවා ලෙස සජිත ඇන්තනිද පිදුම් ලැබීය.
වසරේ සම්මානනීය නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනියත්, සම්මානනීය නාලිකාව ලෙස ජාතික රූපවාහිනී නාලිකාවත් රයිගම් සම්මානයෙන් පිදුම් ලැබීය’වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය මීයා ටෙලි නාට්‍යය වෙනුවෙන් චින්තන ධර්මදාස වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය වියළි වෙනුවෙන් චන්දන ඉරුගල් බණ්ඩාරත් වසරේ විශිෂ්ටතම රූපවාහිනි ටෙලිනාට්‍ය ලෙස වියළිත් වසරේ ජනගත රූපවාහිනි ටෙලිනාට්‍ය ලෙස පාට කුරුල්ලෝ පිදුම් ලැබීය.මෙම අවස්ථාව සඳහා රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ ඇතුළු එහි කළමනාකාරීත්වයත් ප්‍රධාන අනුග්‍රහය දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාරීත්වයත් අනෙකුත් අනුග්රහභවතුන් ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් සහභාගී විය.