අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ලූනු ගෙඩි 3
- මාළු මිරිස් කරල් 4
- රටඉඳි ග්‍රෑම් 150
- කැරට් අල 3
- විනාකිරි කෝප්ප 1/2
- අඹරාගත් අබ තේ හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
- දෙහි යුෂ ස්වල්පයක්
- මිරිස් කුඩු තේ හැඳි 1
- චොප්කරගත් ඉඟුරු කැබැල්ලක්
- චොප්කරගත් සුදු ලූනු තේ හැඳි 2
- තලාගත් කරදමුංගු හා කරාබු නැටි 4
- කුරුඳු පොතු කැබැල්ලක්
සාදාගන්නා ආකාරය
ඇට ඉවත් කරගත් රටඉඳිවලට විනාකිරි දාලා පැයක් පෙඟෙන්න තියන්න. එළවළුවල වතුර පිහිදලා අරගන්න. මාළු මිරිස් රවුමටත්, අනික්වා ලොකුවට කොටුවටත් කපාගන්න. රටඉඳි ටික විනාකිරි එක්ක හොඳට පොඩි කරගන්න. වියළි මැටි මුට්ටියකට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඉඟුරු, සුදු ලූනු, දෙහි යුෂ, කුරුඳු පොතු, කරදමුංගු, කරාබුනැටි සියල්ල දාලා රට ඉඳි මිශ්‍රණයත් දාලා ළිපේ තියන්න. උකු සෝස් එකක් වෙනකොට ළිපෙන් බාන්න. කපාගත් එළවළු ටික ඒකට දාලා හොඳට කලවම් කරලා නිවෙන්න තියලා කට සීල් වෙන්න වසාගන්න. මේක දවසකට කලින් හදල තියාගන්න. ජීවාණුහරණය කළ බෝතල්වල අසුරගන්නත් පුළුවන්.
