අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් ග්‍රෑම් 500
- පොල්කිරි කෝප්ප 1
- කහකුඩු තේ හැඳි 1
- සේර කෑල්ලක්
- දෙහි කොළ 2-3
- ඉඟුරු අඟල් 2
- වතුර කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
ඉඟුරු ටික හා දෙහි කොළ ටික තරමක කෑලි කපාගන්න. භාජනයකට සෝදාගත් හාල් ටික දාලා පොල්කිරි දාගන්න. දැන් වතුර ටිකත් දාලා ඉඟුරු, දෙහි කොළ හා සේර ඒකට එකතු කරන්න. ලුණු හා කහකුඩු දාගන්න.
කලවම් නොකර ළිප තබාගන්න. බත තැම්බීගෙන එනකොට වගේ රවුමට කලවම් කරගන්න. දැන් අඩු ගින්දරේ බත උයාගන්න. බත තැම්බුනාම ලිපෙන් බාලා විනාඩි 10 ක් තියන්න. ඉඟුරු, සේර, දෙහි කොළවල සාරය බතට උරාගත්තට පස්සෙ ඒ කෑලි අයින් කරලා බත පිලිගන්වන්න.
