අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු ඉවත් කරගත් ඉස්සන් ග්‍රෑම් 200
- තම්බාගත් අලගෙඩි 2
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ස්වල්පයක්
- රම්පෙ කැබැල්ලක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- චොප්කරගත් සුදු ලූනු ස්වල්පයක්
- බිත්තර 2
- පාන් කුඩු ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
සෝදාගත් ඉස්සන් විනාකිරි හා ලුණු දමා තම්බාගන්න. තෙල් රත්වූ පෑන් එකකට සුදු ලූනු, ලූනු, රම්පේ, කුරුඳුපොතු සහ කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. ඊළඟට අල ටික පොඩි කරලා ඒකට දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. කුරුඳු සහ රම්පේ මිශ්‍රණයෙන් ඉවත් කරගන්න. මිශ්‍රණයෙන් පොඩි කොටස් අරන් ඉස්සෙක් මැදට තියල බෝල හදලා බිත්තර සාරුවල දවටලා පාන්කුඩු තවරලා, ගැඹුරු තෙලේ බැදගන්න.
