වේයන්ගොඩ, නයිවල සිල්චෙස්ටර් හෝටලයේදී 20 වැනි ඉරිදා සවස පැවැත්වූ සියනෑ අවුරුදු කුමරා – කුමරිය 2025 තරගයෙන් සියනෑ කුමරිය ලෙස අභිෂේක ලැබුවේ ගම්පහ ප්‍රදේශය නියෝජනය කරමින් තරගයට එකතු වූ හසිනි නානායක්කාර රුවැත්තියයි. එහි දෙවැනි ස්ථානය නුවර සිට පැමිණි කාව්‍යා ඥානරත්න රුවැත්තියටත් තුන්වැනි ස්ථානය ගම්පහ සිට පැමිණි ඉෂාරා කෞෂල්‍යා රුවැත්තියටත් හිමිවිය.
සියනෑ අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ කොළඹින් කරග කළ දිනිත් බිම්සරය. එහි දෙවැනි ස්ථානය ගම්පහ තනුල දීඝායූත් තුන්වෙනි ස්ථානය කොළඹ නිකිල් අබේගුණවර්ධනටත් හිමිවිය. මෙවර සියනෑ කුමර කුමරියන්ට කිරුළු, සාටක, මල් කළඹවලට අමතරව වටිනා මුදල් ත්‍යාග හිමි වූ අතර තවත් තෑගි පාර්සල් ලියානා, සොබා සිලෝන්, ඕල්සෝ, වනිල්, ලකී නේල්ස් යනාදි සන්නාමයන්ගෙන් ද හිමිවිය.
මෙවර සියනෑ විනිශ්චය මණ්ඩලය ලෙස දමයන්ති ෆොන්සේකා, නයනා කුමාරි, ජැකී අපොන්සූ, වාසනා දන්තනාරයන, රොෂෙල් ෆ්ලැන්කට්,නදීශා ද සිල්වා, ජොනී ගුණසේකර, සමන්ත ෆර්නෑන්ඩු යන අය එක්විය.
සියනෑ අවුරුදු කුමරා – කුමරිය 2025 තරගය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලියානා සන්නාමය වෙතින්ද, සම අනුග්‍රාහකත්වය ඕල්සෝ, ලොරියාල්, අපේ මැහුම් පංතිය, රාම් බ්‍රදස්, රූප් කලා, හස්ති බතික් යන සන්නාමවලින් ලබාදී තිබුණි.
සියනෑ අවුරුදු කුමරා – කුමරිය 2025 තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී රම්සි රහමාන් එක්වීය. ජීවිතයේ එක් වරක් පිදෙන සම්මානයක් වන ගාමිණී පණ්ඩිරත්න සිහිකරනු වස් සැලෝන් මූඩ්ස් වෙතින් ලබාදෙන Lifetime Achievement Awards මෙවර ලබාදුන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්රයට කළ මෙහෙය වෙනුවෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ඩෝරා අත්තනායකටය. අඛන්ඩව තුන්වැනි වතාවටත් සියනෑ අවුරුදු කුමරා – කුමරිය තරගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය නවලිය ලබාදුන් අතර විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහකත්වය ආට් ටීවීවල අයි ටීවී නාලිකාවෙන් ලබාදුන්නා.
පුරා වසර හතරක් අඛණ්ඩව සියනෑ අවුරුදු කුමරා සහ කුමරිය ඉදිරිපත් කිරීම සැලෝන් මූඩ්ස් විසින් කළ අතර අවසන් මහා තරගයේ ඉදිරිපත් කිරීම් සියල්ල සමන්ත ගුණසේකර විසින් නිර්මාණය කර තිබුණි. කළ අතර එහි සියලු ඇදුම් නිර්මාණයන් ජොනී ගුණසේකර විසිනුත්, සියලු හැඩගැන්වීම් දිනේෂ් ජායි මැක්ස්ට්රෝ විසින් සිදුකර ඇත.
පවනි දිලේකා