කිරි කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු හාල් මිටක් පමණ
- සුදු ලූනු බික් 8-10
- පොල්කිරි කෝප්ප 3
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
හාල් ටික හෝදලා වතුර ටිකක් වැඩියෙන් ලිප තියන්න. ඒකට සුදු ලූනු ටිකත් දාලා බත බෙරි වෙන්න වගේ උයාගන්න. වතුර ටික හිඳුණාම පොල්කිරි ටික එකතු කරන්න. දැන් ලුණු එකතුකර පොල්කිරි ටික නටනකල් හැන්දකින් කලවම් කරගන්න. කැමතිනම් බත් ටික පොඩි කරගෙන කැඳ එක හදාගන්නත් පුළුවනි. අවශ්‍ය අය උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා බීමට ගන්න.
මුංඇට කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් මුං ඇට
- කෝප්ප 1
- පොල්කිරි කෝප්ප 2
- චොප්කරගත් සුදු ලූනු බික් 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
චොප්කරගත් ඉඟුරු ටිකක් තම්බාගත් මුං ඇට භාජනයකට දාලා හැන්දකින් පොඩි කරගන්න. පසුව සුදු ලූනු හා ඉඟුරු ටික දාලා ලිපේ තියන්න. පොල් කිරි ටික දාගෙන හොඳට හැඳි ගාන්න. අවසානයට ලුණු එකතු කර ගන්න.
කොළකැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති කොළ වර්ගයක්
- සුදු හෝ රතු හාල් මිටක්
- සුදු ලූනු බික් 5-6
- ගාගත් පොල් කෝප්ප 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම කොළ ටික හොඳට හෝදලා මෝරපු දඬු තියේනම් අයින් කරගන්න. දැන් කොළ ටික පොඩියට කඩලා පොල් කෝප්ප භාගයක් හා වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරන්න.
වෙනම භාජනයක් අරගෙන හාල් ටික හා සුදු ලූනු දාලා තැම්බෙන්න හරියන්න. හාල් තැම්බුණාම හදාගත්තු යුෂ ටික මිරිකලා දාන්න. ගාගත් පොල් ඉතිරි ටිකෙන් මිටිකිරි අරන් ඒකත් දාගන්න. හොඳට හැදි ගාගෙන, රස අනුව ලුණු දාගන්න.
කොහිල කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට පැහුණු කොහිල අලයක්
- සුදු කැකුළු හාල් මිටක්
- සුදු ලූනු බික් 4-5
- පොල්කිරි කෝප්ප 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හාල් ටික සෝදලා අරන් වතුර ටිකක් දලා තැම්බෙන්න තියන්න. ඒකට කපාගත් සුදු ලූනු ටික දාන්න. කොහිල ටික පොඩියට කපාගෙන වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක අර හාල් මිශ්‍රණයට දාලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුනාම පොල් කිරි ටික එකතු කරලා රස අනුව ලුණු දාගන්න.
සව් කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- සව් ග්‍රෑම් 100
- හකුරු බෑයක්
- මිටි කිරි කෝප්ප 1
- දියකිරි කොප්ප 1/2
- කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි
- කජු ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සව් ටික හෝදලා තැම්බෙන්න හරින්න. තැම්බෙන අතරතුර ටික ටික හැඳි ගාන්න. දැන් මෙයට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න. පසුව හකුරු ටික ග්‍රේට් කරගන්න. දැන් සව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න. හකුරු දිය වුණාට පස්සෙ මිටිකිරි ටික එකතු කරගන්න.
කිරි මදි වගේ නම් දිය කිරි ටිකකුත් දාන්න. කිරි ටික උතුරනකොට ටික ටික ඝන මිශ්‍රණයක් හැදෙනවා. ඒ නිසා හොඳට හැඳිගාන්න කැටි වෙන්න නොදී. කජු ටික ටිකක් බැදලා අරන් සව් එකට දාගෙන රස බලන්න.
