අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක කැබලිවලට කඩා ගත් හතු ග්‍රෑම් 250
- බැදපු තුනපහ කුඩු මේස හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- කපා ගත් සුදු ලූනු බික් 3
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/4
- රම්පෙ කොල 1
- කරපිංචා ඉති 1
- ගොරකා කැබැල්ලක්
- පොල් මේස හැඳි 2
- පොල්කිරි මේස හැඳි 3-4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පොල් ටික පෑන් එකකට දමා කළු වෙන්න බැදගන්න. හතු ටිකට බැදගත් පොල් සහ ඉතිරි සියලුම දේවල් එකතු කර මද ගින්නෙ ළිප තබා හොඳින් කලවම් කරගන්න.
සූපවේදිනී – චම්මි ඉමල්කා