අවශ්‍ය ද්‍රව්‍ය
- ඌරු මස් ග්‍රෑම් 500
- අඹ චට්නි මිලි ලීටර් 50
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- ලූනු ග්‍රෑම් 100
- තක්කාලි සෝස් මිලි ලීටර් 100
- සීනි ග්‍රෑම් 10
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- මාළු මිරිස් ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
ඌරු මස් ලුණු හා ගම්මිරිස් දමා සීසන් කර වතුර එකතුකර තම්බාගන්න. පසුව ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් රත්වූ භාජනයකට ඉතිරි සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න. අවසානයට බැදගත් මස් දමා ගන්න.
ආහාර ගවේෂක
විධායක සූපවේදී
සුජිත් ආරියරත්න