අවශ්‍ය ද්‍රව්‍ය
- ඌරු මස් ග්‍රෑම් 500
- බැදගත් තුනපහ ග්‍රෑම් 10
- බැදගත් සූදුරු ග්‍රෑම් 5
- බැදගත් මිරිස් කුඩු ග්‍රෑම් 10
- ගම්මිරිස් කුඩු ග්‍රෑම් 5
- රම්පෙ කරපිංචා ඉති 1
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 5
- ලූනු ග්‍රෑම් 25
- තෙල් මේස හැඳි 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඌරු මස් පොඩියට කපා සියලුම තුනපහ වර්ග එකතු කර සීසන් කරගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදු ලූනු, ලූනු, රම්පෙ හා කරපිංචා දමා තෙම්පරාදු කර සීසන් කරගත් ඌරු මස් එකතු කර ගන්න. අවසානයට වතුර ස්වල්පයක් එකතු කරගන්න.
ආහාර ගවේෂක
විධායක සූපවේදී
සුජිත් ආරියරත්න