මේ දවස්වල පවතින අධික රස්නයත් එක්ක දහඩිය දැමීම නිසා සම මත කැසීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. මේ කැසීම් තත්ත්වයන්, ආසාදන තත්ත්වයන්වලට නිවසේදීම ඔබට පහසුවෙන්ම පිළියම් යොදාන්න පුළුවන්. දහඩිය දැමීම නිසා සම මත දහඩිය බිබිලි, රතු ලප, රතු ගැටිති, කැසීම් නිසා තුවාල හා ආසදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ සඳහා නිවසේදීම යෙදිය හැකි පිළියම්…
■ Ice bag භාවිත කිරීම
උෂ්ණාධික කුෂ්ඨ සමනය කිරීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ සම සිසිල් කිරීමයි. මේ සඳහා අයිස් බෑග් එකක් හෝ සීතල වතුරෙන් පොඟවන ලද රෙදි කැබැල්ලක් වුණත් භාවිතා කළ හැකියි. ඔබේ සම සංවේදි සමක් නම් අයිස් බෑග් එකක් භාවිතා කරන්නට පෙර එය වටා කපු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න.
■ ලිහිල් කපු ඇඳුම් අඳින්න
මෙවැනි අධික හිරු රශ්මියක් පවතින කාලයක කපු නොවන රෙදිවලින් නිම කරන ලද ඇඳුම් භාවිතා කිරීම නිසා බොහෝ විට සම මත වෙනත් ආසාදන තත්ත්ව හෝ කැසීම් ඇති වන්නට පුළුවන්. මේ නිසා නිතරම ඔබ ලිහිල් කපු ඇඳුම් ඇඳීමට වග බලා ගත යුතුයි.
■ කෝමාරිකා ආලේප කරන්න
කෝමාරිකාවල ඖෂධීය ගුණ රැසක් සහ සුව කිරීමේ ගුණ අඩංගු වනවා. ඒ වගේම සම සිසිල් කිරීමේ හැකියාවත් කෝමාරිකා සතුව පවතිනවා. මේ නිසා ස්නානය කිරීමෙන් අනතුරුව කෝමාරිකා ජෙල් ස්වල්පයක් ඔබේ සම මත ආලේප කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
■ කොහොඹ
සමේ කැසීම් නිසා ඇතිවන තුවාලවලට සහ ආසාදන තත්ත්වයන්වලට ප්‍රතිකාර කිරීමේ හැකියාව කොහොඹ සතුව පවතිනවා. මේ සඳහා වියළා කුඩු කර ගත් කොහොඹ කොළ කුඩු ඔබ ස්නානය කරන වතුරට එකතු කරන්න.
(smartlady.lk ඇසුරෙන්)
අර්චිත ඉඳුවර